2026 ඔක්තෝබර් 22 වන දින සවස පුස්සැල්ලාව පොලිස් වසමේ කඩදොර හන්දිය දෙස සිට කොටගේපිටිය මාර්ගය දෙසට ධාවනය වූ කැබ් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව බෑවුමකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ.
අනතුරින් කැබ් රථයේ රියදුරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එහි ගමන් කළ කාන්තාවක් බරපතළ තුවාල ලබා ගම්පොළ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මියගිය රියදුරු 57 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, මියගිය කාන්තාව 55 හැවිරිදි අයෙකි. දෙදෙනාම කොටගේපිටිය, මාස්වෙල ප්රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.
අනතුර සම්බන්ධයෙන් පුස්සැල්ලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















