රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉතා ඉක්මනින් චීනයේ සංචාරය කිරීමට නියමිත බවත්, ඒ සඳහා වන සූදානම් කිරීම් මේ වන විට අවසන්ව ඇති බවත් ක්‍රෙම්ලීන් ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් අද (බ්‍රහස්පතින්දා) ප්‍රකාශ කළේය. ජනාධිපති පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් වසර ගණනාවක් පුරා 40 වතාවකට වඩා හමුවී ඇති අතර, ඔවුන්ගේ අවසන් හමුව පසුගිය සැප්තැම්බර් මාසයේදී බීජිං නුවරදී පැවැත්වුණි.
රුසියාව යුක්‍රේනය සමඟ යුද්ධය ආරම්භ කිරීමට සති තුනකටත් අඩු කාලයකට පෙර, එනම් 2022 පෙබරවාරි මාසයේදී නායකයන් දෙපළ “සීමා රහිත” (no limits) උපායමාර්ගික හවුල්කාරිත්වයකට අත්සන් තැබූහ. රුසියානු ජනාධිපතිවරයා සිය චීන සංචාරය සිදු කරන්නේ රුසියාව දෙවන ලෝක යුද්ධයෙන් ලැබූ ජයග්‍රහණයේ 81 වන සංවත්සරය සැමරීමෙන් අනතුරුවය. වර්තමාන ගෝලීය දේශපාලන තත්ත්වය හමුවේ මෙම සංචාරය දෙරටේ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














