පුත්තලම–අනුරාධපුර මාර්ගයේ මී ඔය පාලම ආසන්නයේදී සුඛෝපභෝගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් පුද්ගලයන් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.
අනතුර සිදුව ඇත්තේ ඊයේ (16) රාත්රියේදීය. කොළඹ සිට අනුරාධපුරය බලා ධාවනය වෙමින් තිබූ බස් රථය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ඇති බව අද දෙරණ වාර්තාවේ සඳහන් වේ.
තුවාල ලැබූවන් අතර කාන්තාවන් හත්දෙනෙකු, දැරියක සහ පිරිමි පුද්ගලයන් සිවුදෙනෙකු සිටින බව පොලිසිය පවසයි. ඔවුන් සුළු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති අතර, බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තරවරයා ද තුවාල ලැබූවන් අතර සිටිති.
සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















