වයඹ පළාත් සභාවට අයත් පුත්තලම නගරයේ පිහිටි පුත්තලම අධ්‍යාපන කලාප කාර්යාලයේ වහලය සහ සිවිලිම දැඩි අබලන් තත්ත්වයට පත්වී කොයි මොහොතේ කඩා වැටේ ද යන්න සැක සහිත බව එහි සේවකයෝ පවසති. 1987 සැප්තැම්බර් 14 දින විවෘත කර ඇති මෙම ගොඩනැඟිල්ල තුළ වර්ෂා කාලවලදී වහලෙන් ජලය කාන්දු වීම හේතුවෙන් කාර්යාලය පුරා ජලය ගලා යන බවද සේවකයෝ සඳහන් කරති.
පුත්තලම උතුර, පුත්තලම දකුණ, කල්පිටිය, ආණමඩුව සහ පල්ලම යන කොට්ඨාස කාර්යාල පාලනය වන මෙම කලාප කාර්යාලය හරහා පාසල් 213කට අදාළ දරුවන්ගේ හා ගුරුවරුන්ගේ රාජකාරී සිදුකෙරෙන අතර, සේවකයෝ 140 දෙනෙක් පමණ දිනපතා මෙහි සේවය කරති. තවද, ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගවල පිළිතුරු පත්‍ර හා ප්‍රශ්න පත්‍ර ගබඩා කර තැබෙන ස්ථානයක් ලෙසද මෙය යොදා ගැනේ. මේ පිළිබඳව ඉහළ බලධාරීන්ට දන්වා ඇති බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්.එම්.ටී.එන් ප්‍රසාද් මහතා ප්‍රකාශ කර ඇත.
















