හම්බේගමුව පොලිස් වසමේ සිදුකළ විශේෂ වැටලීම්වලදී ගංජා හේන් හතරක් සොයාගෙන ඇති අතර, රතඹලාගම, වටමඩ සහ රොටවැව යන ප්‍රදේශවල තිබී අක්කර 3 කුත් කාලක පමණ භූමිභාගයක වගා කර තිබූ ගංජා ගස් 139,785ක් සොයාගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකායේ බුත්තල කඳවුරේ නිලධාරීන් සහ හම්බේගමුව පොලිසිය එක්ව මෙම වැටලීම් සිදුකර ඇති අතර, රතඹලාගම, වටමඩ, රොටවැව සහ ගොමගල යන ප්‍රදේශවල පදිංචි 42, 28, 51 සහ 28 යන වයස්වල පසුවන සැකකරුවන් සිව්දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ. රුපියල් කෝටි එකහමාරක් පමණ වටිනාකමකින් යුත් මෙම ගංජා වගාවන් කපා කොටා පුළුස්සා විනාශ කර ඇති අතර, සැකකරුවන් සහ නඩු භාණ්ඩ වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. හම්බේගමුව පොලිස් ස්ථානාධිපති තුෂාර සම්පත් මහතා ඇතුළු නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇත.
















