“තමන්ගෙම තැනක් – ලස්සන ජීවිතයක්” ජාතික වැඩසටහනට සමගාමීව, පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවල ජීවත්වන අඩු ආදායම්ලාභී පුද්ගලයින්ගේ නිවාස සිහිනය සැබෑ කරලීමේ අරමුණින් නව නිවාස ඉදිකිරීමේ කටයුතු සහ ඉදි කළ නිවාස ප්‍රතිලාභීන් වෙත ලබාදීමේ වැඩසටහන් මේ දිනවල ක්‍රියාත්මක වේ.
මෙයට අදාළව, පුත්තලම නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කිරිමැටියාව වෙම්බු වැව, අමුණු වැව ග්‍රාම නිලධාරී වසමේ රජවිගම සහ කැලේ වැව ග්‍රාම නිලධාරී වසමේ නව නිවාස තුනක මුල්ගල් තැබීම සිදු කෙරිණි. මීට අමතරව, කුරුළු වැව ග්‍රාම නිලධාරී වසමේ සහ කැලේ වැව ග්‍රාම නිලධාරී වසමේ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ඉදිකරන ලද නව නිවාස දෙකක් විවෘත කර ප්‍රතිලාභීන්ට පැවරීමද පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) සිදු විය.
ග්‍රාම නිලධාරීන් ඇතුළු ගමේ නිලධාරීන්ගෙන් සැදුම්ලත් ග්‍රාමීය කමිටු මඟින් තෝරාගනු ලබන අඩු ආදායම්ලාභී නිවාස අහිමි පවුල් ඒකක, ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ නිර්දේශය මත මෙම ව්‍යාපෘතිය සඳහා තෝරාගනු ලැබේ. අදාළ ප්‍රතිලාභීන් වෙත මෙම නිවාස කඩිනමින් ලබා දීමට කටයුතු සූදානම් කර ඇත.














