හූති කැරලිකරුවන්ගේ ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා සෞදි අරාබියට අයත් යෝධ තෙල් ප්‍රවාහන නෞකා (VLCCs) සමූහයම රතු මුහුද මඟහරිමින්, අප්‍රිකාවේ ‘කේප් ඔෆ් ගුඩ් හෝප්’ (Cape of Good Hope) හරහා සැතපුම් දහස් ගණනක අමතර දුරක් ගමන් කිරීමට පියවර ගෙන තිබේ.
මේ වන තෙක් එම කලාපයේ රැඳී සිටින සෞදි තෙල් ටැංකිවලින් සියයට සියයක්ම පාහේ තම AIS (ස්වයංක්‍රීය හඳුනාගැනීමේ පද්ධති) ක්‍රියා විරහිත කර, කිසිදු සංඥාවකින් තොරව රහසිගතව ගමන් කරමින් සිටින බව වාර්තා වේ. ඒ සමඟම, හිස් නෞකා දුසිමකට අධික ප්‍රමාණයක් ඕමාන මුහුද සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වරායන් වෙත ගමන් කරමින්, මීළඟ පියවර සඳහා සූදානම් වෙමින් පවතී.
මෙම මාර්ග වෙනස් කිරීම ඉතා අධික වියදම් සහිත ක්‍රියාවක් වී ඇති අතර, එක් ගමනකට අමතර දින 25ත් 30ත් අතර කාලයක් එකතු වීම, ඉන්ධන වැඩිපුර දහනය වීම, රක්ෂණ ගාස්තු ඉහළ යාම සහ ගෝලීය තැංකි වෙළඳපොළ තවදුරටත් අවදානමට ලක්වීම සිදුවෙමින් පවතී. ඇතැම් මාර්ගවල භාණ්ඩ ප්‍රවාහන ගාස්තු දෙගුණ වී ඇති අතර, ඒ හේතුවෙන් ආසියානු තෙල් පිරිපහදුකරුවන්ට බැරලයකට ඩොලර් 5ක් හෝ එය ඉක්මවූ අමතර සැපයුම් පිරිවැයක් දැරීමට සිදුව තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්














