27 April 2024
#දේශීය

නිරෝධායන ඇඳිරි නිතීය අද සිට දින 10 ක් – ජනාධිපති මාධ්‍ය අංශය

වයස අවුරුදු 60 වැඩි මෙතෙක් එන්නත ලබා නොගත් සියලුදෙනාට එන්නත ලබාදීම ඉලක්ක කර ගනිමින් නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමේ තීරණයට ජනාධිපතිවරයා එළැඹි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව සැප්තැම්බර් 01 දාට පෙර ඔවුන් එන්නත්කර අවසන් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාල අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.

ප්‍රාදේශීය ලේකම්, පළාත් පාලන ආයතන ප්‍රධානීන් හා ග්‍රාමීය කොවිඩ් මර්දන කමිටු හරහා එම පිරිස් හඳුනාගෙන එන්නත්කරණය සඳහා සෞඛ්‍ය අංශ වෙත 23 සඳුදා දිනට පෙර වාර්තා කළ යුතුයි.

එසේම 1906 ක්ෂණික දුරකථන අංකයට හෝ කොරෝනා මර්ධන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයට කතා කිරීමෙන් ලියාපදිංචි වීමේ පහසුකම ද සලසා තිබේ.

මෙම එන්නත්කරණ වැඩසටහන සෞඛ්‍ය අංශ උපදෙස් අනුව හමුදාපතිවරයාගේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට ද තීරණය කෙරිණ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *