27 July 2024
#දේශීය

brandix ඇගලුම් කම්හලේ සේවකයන්ට නිරෝධායන නියෝගයක්

ගම්පහ ප්‍රදේශයේ සිටින මිනුවන්ගොඩ brandix ඇගලුම් කම්හලේ සේවකයන් වහාම අද (07) සවස 4ට පෙර පහත සදහන් ස්ථාන වලින් ආසන්නතම ස්ථානයට වාර්තා කරන ලෙස පොලිසිය නියෝග කරයි.

1.ගම්පහ ශ්‍රි බෝධි ක්‍රිඩාංගනය
2.ගනේමුල්ල පොලිස් ස්ථානය
3.මිනුවන්ගොඩ යකහටුව හන්දිය
4.වේයන්ගොඩ පොලිස් ස්ථාන ක්‍රිඩාංගනය
5.අත්තනගල්ල ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලය
6.පල්ලේවෙල තැපැල් කන්තෝරුව අසල
7.මීරිගම ප්‍රධාන බස් නැවතුම්පොළ
8.වීරගුල පොලිස් ස්ථානය
9.මිරිස්වත්ත ප්‍රාදේශිය සභාව අසල
10.නෙල්ලිගහමුල්ල ඉන්ධන හල අසල
11.වැලිවේරිය පොලිස් ස්ථානය ඉදිරිපිට
12.වෑකේ ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලය
13.දොම්පේ පොලිස් ස්ථානය ඉදිරිපිට
14.පැල්පිට කනිෂ්ඨ විදුහල අසල

ඔබ මේ වන විටත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් පිටත සිටිනම් වහාම ළගම පොලිස් ස්ථානය දැනුවත් කරන්න. මෙම පැමිණෙන පිරිස සම්බන්ධයෙන් නිරෝධායන කටයුතු සිදු කිරීමට නියමිත අතර ඊට පටහැනිව කටයුතු කරන අයට නිරෝධායන ආඥා පනත යටතේ කවටයුතු කරන බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *