ඩුබායි සිට පිටුවහල් කළ ‘පරෙවි සුදාගේ’ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන සැකකරුවන් වන මහවත්තේ චාමර, පානදුර අප්පුහාමි, කොණ්ඩ රංජි, සුසෙයි සහ දිප්පිටිගොඩ ළහිරු යන අය සම්බන්ධයෙන් පවතින විමර්ශනවල පාරදෘශ්‍යභාවය පිළිබඳව බරපතළ ප්‍රශ්න මතුව තිබේ.
පකිස්ථාන ජාවාරම්කරුවන් සමඟ ඇති සබඳතා සහ මෙරට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය ගැන වැදගත් තොරතුරු රැසක් හෙළි කරගත හැකි මෙම සැකකරුවන්ගෙන් නිසි පරිදි ප්‍රශ්න නොකර, දීර්ඝකාලීන රැඳවුම් නියෝග ද නොගෙන ඉතා කෙටි කලකින් අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාරගත කිරීම මෙලෙස සැකයට තුඩු දී ඇත. කෙහෙල්බද්දර පද්මෙ සහ වනාතේ දුමින්ද වැනි සැකකරුවන් සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශන සිදුකරද්දී, මොවුන් කෙරෙහි පමණක් මෙවැනි ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම මඟින් ජාවාරමේ සැබෑ මහමොළකරුවන් ආරක්ෂා වන බවට සමාජයෙන් චෝදනා එල්ල වේ.
මෙම විමර්ශන කටයුතු සහ දූෂිත නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව ඉහළම මට්ටමින් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
















