රාගම ප්‍රදේශයේ වෙළඳසැලක් තුළදී කාන්තාවකගේ හිසකෙස් කපා අඩත්තේට්ටම් කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය ඇතුළු පස්දෙනෙකු රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝ දර්ශන පදනම් කරගනිමින් විමර්ශන ආරම්භ කළ පොලිසිය, වින්දිත කාන්තාවගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඇයව වෛද්‍ය පරීක්ෂණ සඳහා රාගම ශික්ෂණ රෝහල වෙත යොමු කර ඇත.
අත්අඩංගුවට ගත් පිරිස අතර රාගම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි ප්‍රධාන සැකකාරිය සහ වයස අවුරුදු 20, 21, 22 සහ 23 යන වයස්වල පසුවන තරුණයන් සිව්දෙනෙකු සිටින බව පොලිසිය පවසයි. මොවුන් රාජාංගනය, කඩවත, රාගම සහ ත්‍රිකුණාමළය – චීනවරාය යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
සැකකරුවන් පස්දෙනා හෙට (18) දින වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර රාගම පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.












