වසර විස්සකට ආසන්න කාලයක් බදු පදනම මත පවත්වාගෙන ගිය මහින්දානන්ද පදනමට අයත් දේපල, නැවතත් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත පවරා දී තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් භූමියක මෙම පදනම ස්ථාපිත කර තිබූ අතර, පසුගිය දෙසැම්බර් මාසයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ගත් තීරණයකට අනුව මෙම ඉඩම සහ පරිශ්‍රය නැවත රජයට පවරා ගැනීමට පියවර ගන්නා ලදී.
මහින්දානන්ද පදනමේ ලේකම් චාමික ධර්මතිලක මහතා විසින් මෙම ඉඩම සහ ගොඩනැගිලි නිල වශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත භාර දීම පසුගිය සිකුරාදා උදෑසන සිදු කෙරිණි. කෙසේ වෙතත්, මෙම දේපල සම්බන්ධයෙන් තවමත් වලංගු බදු ගිවිසුමක් පවතින බව පදනමේ ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙම භූමිය අනාගතයේදී මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා පොදු වෙළඳපොළක් හෝ වෙනත් පොදු වැඩකටයුතු සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇති බව බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.














