උදාවන පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර වන්දනා කිරීමට බලාපොරොත්තු වන සැදැහැවතුන් වෙනුවෙන් විශේෂ දුම්රිය වාර රැසක් ධාවනය කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුව, එළඹෙන ජුනි මස 27, 28, 29 සහ 30 යන දිනවලදී මෙම විශේෂ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක වීමට නියමිතයි.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, වන්දනාකරුවන්ගේ පහසුව උදෙසා බෙලිඅත්ත සිට අනුරාධපුර දක්වාත්, කොළඹ කොටුවේ සිට අනුරාධපුර දක්වාත්, මෙන්ම නැවත අනුරාධපුර සිට කොළඹ දක්වාත් විශේෂ ගමන් වාර කිහිපයක්ම මේ යටතේ සැලසුම් කර ඇති බවයි.
















