2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සම්බන්ධ නඩුව අද (05) මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, සිද්ධිය ඇසින් දුටු ප්‍රධාන සාක්ෂිකරුවෙකු වන ගයන්ත සංදීප මහතා විවෘත අධිකරණයේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.
ඔහු සාක්ෂි ලබා දෙමින් අවධාරණය කළේ, අනතුර සිදුවූ අවස්ථාවේදී අදාළ වාහනයේ රියදුරු අසුනේ සිටියේ එවකට අමාත්‍යවරයෙකු වූ පාඨලී චම්පික රණවක මහතා බව තමා පැහැදිලිවම දුටු බවයි. අනතුරින් පසු වාහනය නොනවත්වා පලා ගිය බවත්, තමා සහ තවත් පිරිසක් යතුරුපැදිවලින් එම වාහනය ලුහුබැඳ ගිය බවත් ඔහු මෙහිදී විස්තර කළේය.
මෙම අනතුරින් තරුණයෙකු බරපතළ තුවාල ලබා ජීවිතාන්තය දක්වා ආබාධිත තත්ත්වයට පත්වූ අතර, සාක්ෂිකරු වැඩිදුරටත් කියා සිටියේ වසර ගණනාවකට පසු වුවද තමාට රියදුරු අසුනේ සිටි පුද්ගලයා නිවැරදිව හඳුනාගත හැකි බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර සාක්ෂි විභාගය ඉදිරි දිනකදී නැවත පැවැත්වීමට නියමිතය.














