ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැතිවරණ සමයේදී ඉදිරිපත් කළ ප්‍රධාන සටන් පාඨයක් පිළිබඳව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මාතරදී පැවැති ජන හමුවකදී සිහිපත් කළේය. “මම ජනාධිපති වුණාම තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නෑ, තියෙන්නේ සිනමා ශාලාවල පෝලිම් විතරයි” යනුවෙන් ජනාධිපතිවරයා එදා කළ ප්‍රකාශය වත්මන් තත්ත්වයත් සමඟ සැසඳීමේදී හාස්‍යයට කරුණක් වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
රජය බලයට පත්වීමට පෙර ලබාදුන් පොරොන්දු සහ වත්මන් පාලනය තුළ ජනතාව මුහුණ දෙන යථාර්ථය අතර විශාල පරතරයක් පවතින බවත්, ආර්ථික ප්‍රශ්න හමුවේ ජනතාව තවමත් පීඩාවට පත්ව සිටින බවත් රාජිත සේනාරත්න මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.














