දිට්වා සුළි කුණාටුවෙන් හානිවී මාස කිහිපයක් තිස්සේ අත්හිටුවා තිබූ රඹුක්කන–ගම්පොළ අතර උඩරට දුම්රිය මාර්ගයේ සේවා අද (02) යළි ආරම්භ කර තිබේ.
මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාද උදෑසනම එක්ව සිටි බව දැක්වේ.
සුළි කුණාටුව හේතුවෙන් රඹුක්කන සහ ගම්පොළ අතර ස්ථාන 103කට හානි සිදුව තිබූ අතර, ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව එම මාර්ගය යළි දුම්රිය ධාවනයට සුදුසු තත්ත්වයට පත්කර තිබේ.
ඒ අනුව කොළඹ කොටුව සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා සාමාන්‍ය දුම්රිය සේවා අද පස්වරුවේ සිට යළි ක්‍රියාත්මක කිරීමට නියමිතය.














