අක්මීමණ පොලිස් වසමේ හියාර ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්පැන් ලීටර් 75ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත ඊයේ (01) සවස සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් මත්පැන් ප්‍රමාණය බෝතල් 100ක් වන අතර, සැකකරු වයස අවුරුදු 49ක් වන නාරාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කරයි.
සැකකරු අක්මීමණ පොලිස් ස්ථානය වෙත භාරදී ඇති අතර, අක්මීමණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.














