27 April 2024
#දේශීය #පුවත්

කවුරු නෑ කිව්වත් ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයට රනිල් එනවාලු !

එළැඹෙන වසරේ ජනාධිපතිවරණය මැතිවරණ වෙනුවෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වනු ඇති බව වාර්තා වේ. දේශපාලන ආරංචි මාර්ගවලට අනුව ඉදිරි කාලයේදී දේශපාලන වශයෙන් පෙරළිකාර සිද්ධින් සිදු වනු ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් නිර්පාක්ෂික අපේක්ෂකයෙකු වශයෙන් රනිල් වික්‍රමසිංහ ඉදිරිපත්ව ජයග්‍රහණය ලබා ගැනීමට අවශ්‍ය සියළු දේ මේ වන විට සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත.

පසුගිය කාලයේ පුරාවට ඇතැම් පුද්ගලයින් විසින් ජනාධිපති සටනට රනිල් නොඑන බව පැවසුව ද එම සියල්ලම අසත්‍යයක් බවට පත් කරමින් ඔහු ජනාධිපතිවරණ මැතිවරණයට පැමිණු ඇති බව ඔහුගේ සමීපතයෙකු කියා අප වෙත කියා සිටියේය.

මේ වන විට රටේ ප්‍රශ්ණ විසදු එකම නායකයා රනිල් බවත් ඉදිරි කාලයේදී ඔහුට රට බාර දිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේගුණවර්ධන පවා පවසා සිටියා.

පසුගිය 18 වනදා පැවැති කැබිනට් රැස්වීමේදී ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට ඔහු ඉදිරිපත් වන බව දැනුම් දී ඇත.

කෙසේ වෙතත් මේ වන විට ජනාධිපතිවරණයට අපේක්ෂයින් රැසකගේ නම් කරලියට පැමිණ ඇති අතර ඒ අතර රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක, දිලිත් ජයවීර, ධම්මික පෙරේරා වගේම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද යම් සුදානමක් ඇති බව දැනගන්නට ඇත.

මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ සැලසුම් සකස් කරමින් පවතින අතර වත්මන් ජනාධිපතිවරයා නිර්පාක්ෂිකයෙකු ලෙස ඉදිරිපත්වන්නේම යම් තීරණාමක හේතුවක් ඇති හෙයින් බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *