• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාජපක්ෂලාට තිබ්බ ජනමතය රනිල් කොල්ලකනවා – එරංග ගුණසේකර

24 July 2022
in දේශීය

69 ලක්‍ෂයක ජන මතය ලැබුණේ ගෝඨාභය සහ මහින්දට බවත් ඒ ජන මතය රනිල් රාජපක්‍ෂ කොල්ල කමින් සිටින බව සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා පවසයි.

අද (24) පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා පවසා සිටියේ රනිල් අපේ රටේ ජනාධිපති හැටියට පිළිනොගන්නා බවයි.

එහිදී එරංග ගුණසේකර මහතා මෙසේ අදහස් පල කලේය ” රනිල් රාජපක්‍ෂ විසින් දියත් කරමින් ඉන්න රාජ්‍ය මර්දනයට එරෙහිව සමාජවාදී තරුණ සංගමය මේ රටේ බහුජනතාවත් එක්ක එකතුව නැගී සිටිනවා. රනිල් රාජපක්‍ෂගේ පළවැනි වැඩ ඇල්ලීම හැටියට ගෝල්ෆේස් සාමකාමීී අරගලකරුවන්ට නින්දිත ලෙස ප්‍රහාර එල්ල කිරීම හෙළා දකිනවා. ගෝඨාභය රාජපක්‍ෂටත් ඔහුගේ ආණ්ඩුවටත් දේශපාලනය හකුළාගෙන යන්න කියලා දැවැන්ත මහජන විරෝධයක් ගොඩනැගුණා.

මාස 3කට ආසන්න කාලයක් පැවති සාමකාමී අරගලයේ සන්ධිස්ථානයකදී ජූලි 09වැනිදා රට පුරාම විරෝධතාකරුවන් කොළඹට ඒකරාශී වී සංකේතාත්මකව ජනාධිපති මන්දිරයත් අරලියගහ මන්දිරයත් අත්පත් කරගත්තා. ඔවුන් එහෙම කළේ දේශපාලන අනුගග්‍රහයෙන් රට පුරා ඉඩම් අල්ලනවා වගේ දෙයක් නෙවෙයි. ඉන්න තැනක් නැතිව කළ දේකුත් නෙවෙයි. ලෝකයේ අරගල කරන විවිධ ආකෘති තිබෙනවා. ලංකාවේ කළේ ඔවුන්ගේ මන්දිර සංකේතාත්මකව අත්පත් කරගෙන අරගලකරුවන්ගේ සාමූහික තීරණයකින් ඒ තැන්වලින් ඉවත් වෙන්න කටයුතු කරමින් සිටීමයි.

දේශපාලනය වෙනස් වීම් අනුව මේ මන්දිර ආපසු ලබාදෙන්න අරගලකරුවන් ගත් තීරණය නීතිඥවරු මාර්ගයෙන් කොටුවේ පොලීසියටත් අනෙකුත් ආයතනවලටත් දැනුම් දුන්නා. ජනාධිපති මන්දිරයේ පුස්තකාලයක් පවත්වාගෙන ගිය ආසන්නයට පැමිණි හමුදා නිලධාරින් දෙදෙනෙක් ඉවත් වන වේලාව අපෙන් විමසුවා. ඔවුන්ට අපි පසුවදා දහවල් දෙකට ඉවත් වන බව දැනුම් දී තිබුණා. එහෙම තියෙද්දිත් තුච්ඡ ප්‍රහාරය එල්ල කිරීම පටන් ගත්තේ කොළඹ යාචකයන්ට පහර දීමෙන්. රනිල් රාජපක්‍ෂ ආණ්ඩුව ගෝල්ෆේස් ප්‍රහාරය පටන් ගත්තේ හිඟන්නට ගහලා. ඒ වගේම බිහිරි ප්‍රජාව, අම්මා තාත්තලා සමග දරුවෝ, අරගලයට එකතු වී සිටි ආබාධිත රණවිරුවන්ට සහ අරගලකරුවන්ට උදළු මිටි සහ විදුලි බල කේබල්වලින් නින්දිත ලෙස පහර දුන්නා.

නාවික හමුදාව විසින් අරගලකරුවන් පස් දෙනෙක් සෙලින්කෝ මන්දිරය දෙසට ගෙන ගොස් අමානුෂික ලෙස වධ දී තිබුණා. රනිල් රාජපක්‍ෂ ආරම්භ කළ මේ මර්දයට එරෙහිව අපි සටන් කරනවා. මෙතන නීත්‍යානුකූල ඉවත් කිරීමක් සිදුකළා නම් රාත්‍රියේ පැමිණ මාධ්‍යවේදීන්ට පවා පහර දෙන්නේ මොකටද? අත්අඩංගුවට ගත් අය බලන්න පැමිණි නීතිඥවරුන්ට සහ පූජකවරුන්ට බීමතින් හිටපු ප්‍රහාරකයන් තර්ජනය කර තිබුණා. “උඹලව බේරගන්න ආව ලේයස්ලට චූ යන්න ගැහුවා, හාමුදුරුවන්ගේ සිවුර කරේ ඔතාගන යන්න ගැහුවා” ආදී වශයෙන් කියලා තිබුණා.

ප්‍රහාරයට ආව අය හඳුනා ගැනීමේ නිල කිසිදු සලකුණක් නැහැ. මැර කල්ලියක් ලෙස ක්‍රියාත්මක වුණා. ගෝඨාභය මහින්ද ගිය පාරේම රාජපක්‍ෂ කල්ලියේ හොඳම ආරක්‍ෂකයා වන රනිල් ගමන් කරමින් ඉන්න බව පේනවා. රනිල් අපේ රටේ ජනාධිපති හැටියට අපි පිළිගන්නේ නැහැ. 69 ලක්‍ෂයක ජන මතය ලැබුණේ ගෝඨාභය සහ මහින්දට. ඒ ජන මතය රනිල් රාජපක්‍ෂ කොල්ල කමින් සිටිනවා. ඔහුගේ පළවැනි වැඬේ හැටියට ව්‍යවස්ථාවෙන් තහවරු කර තිබෙන විරෝධය දැක්වීමේ අයිතිය මර්දනය කළා. ඒ මර්දනයට සමාජවාදී තරුණ සංගමය යට වෙන්නේ නැහැ. මේ රටේ තරුණයන්, සිවිල් ජනතාව, ඇතුලු සියලු දෙනා එක්ක එකට එකතු වෙනා මේ තත්වය පරාජය කරන්න සියලු පියවර ගන්නවා. 74 වසරක් තිස්සේ පාලනය කළ හොරු පන්නා, හොරා කාපු සල්ලි නැවත අත්පත් කර ගැනීමේ අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කරනවා. ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව විසුරුවලා අලුතින් මහජන නියෝජිතයන් පත්කර ගැනීමට අපි නායකත්වය දෙන්න ඕනෑ. ඒ වෙනුවෙන් ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාර, සංවිධාන, තරුණ තරුණියන් සියල්ලන්ටම අපි ආරාධනා කරනවා. රනිල් එලවලා දිනේෂ්ලා ජනාධිපති කරන ගේමක් නෙවෙයි අපට තිබෙන්නේ. 74 වසරක දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ අරමුණයි අපට තිබෙන්නේ. මේ සටන අවසන් වෙන්නේ නූතන නිදහස් අරගලයක් ලෙස ජයග්‍රහණය කිරීමෙන් පමණයි.” යැයි එරංග ගුණසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 23
Previous Post

දඹූල්ල යුරියා පොහොර බර අඩු චෝදනා වලට පිළීතුරු

Next Post

පාසල් අද සිට ආරම්භ වෙයි

editor

editor

Next Post

පාසල් අද සිට ආරම්භ වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved