27 July 2024
#දේශීය

මෛත්‍රි නෙමෙයි රනිල් අයින් වෙන්න ඕන- මහින්ද කියයි 

තම සොහොයුරාගේ අවමංගල අවස්ථාවට එක්වු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ දේශපාලන වශයෙන් කිසිදු දෙයක් සාකච්ඡා නොකල බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 
ඒ මහතා මේ බව පැවසුවේ නාරාහේන්පිට ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
එහිදී ඔහු කියා සිටියේ තම සොහොයුරා දේශපාලනික වශයෙන් මෛත්‍රිපාල ජනාධිපතිවරයාගේ මිතුරෙකු බවත් ඔවුන් වසර ගණනාවක්ම එකට දේශපාලන කටයුතු පවා සිදු කර ඇති බවයි. 
එසේම ජනාධිපතිවරයා විසින් පත් කල කොමිසම මගින් ඉදිරිපත් කළ පළාත් සභා පනත අගමැතිවරයා විසින් පරාජයට පත් කර ඇති බව ද හෙතෙම කියා සිටියේය. ඒ අනුව ඔවුන් දෙගොල්ලොන්ට එකට සිටිය නොහැකි බව ද රාජපක්ෂ මහතා කියා සිටියේය. 
මෙහිදී ජනාධිපතිවරයා නොව අගමැතිවරයා ඉවත් විය යුතු බව රාජපක්ෂ මහතා එහිදි වැඩිදුරටත් කියා සිටියේය. 

Leave a comment

Your email address will not be published. Required fields are marked *