තමන් අසනීප වූ මොහොතේ සුවදුක් විමසූ සහ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ සියලු දෙනා වෙත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සිය හදපිරි කෘතඥතාවය පළ කර සිටියි. අසනීප තත්ත්වය වාර්තා වීමත් සමඟ දිවයින පුරා ආගමික වතාවත් පවත්වමින් තමන් වෙනුවෙන් ආශිර්වාද කළ සැමට ස්තූතිය පිරිනමන බව හිටපු ජනාධිපතිවරයා එහි සඳහන් කර තිබේ.
විශේෂයෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයන් ඇතුළු ශ්‍රී ලාංකේය පුරවැසියන් දැක්වූ මෙම උනන්දුව සහ සැලකිල්ල තමන්ට ඉක්මන් සුවය ලැබීමට මහත් ධෛර්යයක් වූ බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. දේශපාලන භේදයකින් තොරව සුවදුක් විමසමින් ලැබුණු අසීමිත දුරකථන ඇමතුම් සහ පණිවිඩ සංඛ්‍යාව ද තමන් විශේෂ අගය කිරීමකට ලක් කරන බව රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.














