2022 වසරේ පැවැති අර්බුදකාරී තත්ත්වය තුළ රට භාරගැනීමට තමා තනිව කිසිදු සූදානමක් නොතිබූ බවත්, නමුත් වගකීමක් ලෙස එය ඉටුකිරීමට තමාට සිදුවූ බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කළ ‘Read with Ranil’ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. “එම අවස්ථාවේ රට භාරගැනීමට සිටි පළමු තේරීම මම නොවේ. වෙනත් කිසිවෙකු එය භාරගැනීමට කැමැත්තක් නොදැක්වූ නිසා මට එය භාරගැනීමට සිදුවුණා. සමහර විට මම සිව්වන තේරීම වන්නට ඇති” යනුවෙන් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.














