ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය (ICC) විසින් ක්රිකට් ක්රීඩාවේ ක්රීඩා කොන්දේසි සඳහා නව සංශෝධන 7ක් හඳුන්වා දී තිබේ.
ඔක්තෝබර් 1 වැනිදා හෝ ඉන් පසුව ආරම්භ වන සියලු ජාත්යන්තර තරගාවලි සඳහා මෙම නව නීති ක්රියාත්මක වන අතර, දැනට පැවැත්වෙන තරගාවලි සඳහා පෙර පැවති නීති අදාළ වේ.
නව සංශෝධන යටතේ පිරිමි ක්රිකට් තරගවලදී කාලය නාස්ති කරන පිතිකරුවන්ට පළමු වරදට අවවාදයක්, දෙවැනි වරදට අවසන් අවවාදයක් සහ තෙවැනි වරදේ සිට සෑම අවස්ථාවකදීම පන්දු යවන කණ්ඩායමට දඬුවම් ලකුණු 5ක් ලබාදීමට නියම කර තිබේ.
කාන්තා සහ කනිෂ්ඨ ක්රිකට් සඳහා භාවිත කරන පන්දුවල ප්රමාණය හා බර සම්බන්ධයෙන්ද නව සීමාවන් හඳුන්වා දී ඇති අතර, පිරිමි, කාන්තා සහ කනිෂ්ඨ ක්රිකට් සඳහා වෙන වෙනම පන්දු ප්රමිතීන් නියම කර ඇත.
එමෙන්ම ‘Overthrow’ යන්න පිළිබඳව පැවති අපැහැදිලි තත්ත්වය ඉවත් කරමින්, පන්දුව කඩුල්ල වෙත යොමු කර ලකුණු වැළැක්වීමට හෝ දුවද්දී දැවී යාමක් සිදු කිරීමට කරන උත්සාහයක් පමණක් Overthrow ලෙස සැලකීමට නියම කර තිබේ.
පන්දුව ‘අවසන් වරට ස්ථාවර වූ අවස්ථාව’ තීරණය කිරීමේදී විනිසුරුවරයාට වැඩි අවකාශයක් ලබාදී ඇති අතර, පන්දුව අනිවාර්යයෙන්ම පන්දු යවන්නාගේ හෝ කඩුලු රකින්නාගේ අතේ තිබිය යුතු බවට පැවති අවශ්යතාවද ඉවත් කර තිබේ.
දුවද්දී දැවී යාමක් හෝ ස්ටම්ප් කිරීමක් සඳහා පන්දු රකින්නෙකු පන්දුව අතේ රඳවාගෙන සිටින බව සැලකීමට ඔහුට පන්දුව සම්බන්ධයෙන් සම්පූර්ණ පාලනයක් තිබිය යුතු බවද නව නීතිවල සඳහන් වේ.
ටෙස්ට් ක්රිකට් සඳහා දිවා තරගවලදී අයහපත් ආලෝක තත්ත්වයන් හේතුවෙන් ක්රීඩා කාලය අහිමි වීම අවම කිරීම සඳහා දෙපාර්ශ්වයේ එකඟතාව මත රෝස පැහැති පන්දුව භාවිත කිරීමේ අත්හදා බැලීමක්ද හඳුන්වා දී තිබේ.
එමෙන්ම දිනක අවසන් පන්දුවාරය අවසන් වීමට පෙර කඩුල්ලක් දැවී ගිය පමණින් ක්රීඩාව ස්වයංක්රීයව අවසන් නොකිරීමටද නව සංශෝධනයක් හඳුන්වා දී ඇත.
T20I තරගවල විවේක කාලය විනාඩි 15ක් ලෙස ස්ථාවර කර ඇති අතර, කාලය අහිමි වී ඇත්නම් එය අවම වශයෙන් විනාඩි 10ක් දක්වා අඩු කළ හැකිය. ODI සහ T20I තරගවල පාදයේ පැත්තෙන් ලබාදෙන Wide පන්දුව සම්බන්ධ අත්හදා බැලීමද ස්ථිර නීතියක් බවට පත් කර තිබේ.
















