27 April 2024
#දේශීය

රනිල් යළි ජනාධිපතිවරණයට ඉල්ලන්නේ නෑ .. එයා ගෞරවණියයව විශ්‍රාම ගන්නවා – උදයංග විරතුංග

එළැඹෙන ජනාධිපතිවරණයට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් නොවනු ඇති බව තමා ඉතා විශ්වාසයෙන් පවසන බව රුසියාවේ හිටපු තානාපති, උදයංග වීරතුංග මහතා පවසයි.

ඒ මහතා කියා සිටින්නේ වත්මන් ජනාධිපතිවරයා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වඩා ඉතා ගෞරවාන්විත ආකාරයේ විශ්‍රාම ගැනීමක් සිදු වනු ඇති බවයි.

2024 වසරේද අවසන් වන තෙක්ම වත්මන් ජනාධිපතිවරයාට සහාය දැක්වීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරනු ඇති බව හෙතෙම පැවසිය.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය කඩා වැටී ඇති අතරම එය මෙතෙක් වැඩී වීමක් සිදුව නොමැති බව ඔහු අනාවරණ කලේය.

එය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හොදින් දන්නා බවත් එහෙයින් ජනාධිපතිවරණයට ඔහු ඉදිරිපත් නොවනු ඇති බව උදයංග විරතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *