• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගොවියාට පාඩු වුනොත් එක රජය ගෙවනවා – කෘෂි ඇමැති මහින්ද

7 August 2023
in දේශීය

පසුගිය වසරේ රුපියල් බිලියන 1.75 ක් වන්දි ලෙස කෘෂි රක්ෂණ මණ්ඩලයෙන් වන්දි ලෙස ලබා දී තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ නුරාධපුර, ඉපලෝගම කටුවැල්ලාගම වැව ප්‍රථිසංස්කරණය කිරීමේ කටයුතු සමාරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ” අද මෙතන්ට ආවම දැක්කේ, වියළි පරිසරයක්, නියඟයට මුහුණ දුන්න ජනතාවක්, අද රටේම මේ තත්වය හැමතැනකදීම දකින්න ලැබෙනවා.එක පැත්තකින් අපිට දකින්න ලැබෙනවා, සමහර ප්‍රදේශ වල ජලය නොමැතිකමින් කුඹුරු අස්වද්ද ගන්න බැරිව පීඩා විඳින ජනතාවක්, ඒක වලව කළාපයේ විතරක් නෙමෙයි, අනෙක් ප්‍රදේශවලත් දකින්නට ලැබෙනවා.ඒ වගේම කුඩාවැව හැමතැනකමත් මේ තත්වය දක්නට ලැබුණා.කුඩා වැව් වලින් කුඹුරු වගාව වගේම, හේන් වගාවන් වලට ප්‍රවිශ්ඨ වෙලා තියෙනවා.ඒ සියලු දෙනා බලාපොරොත්තු නොවුන විදිහට මේ වියළි කාළගුණය නිසා දැඩි හානියකට පත් වෙලා තියෙනවා.මේ වතාවේ කෘෂි රක්ෂණ මණ්ඩලයට ලොකු අභියෝගයක් තියෙයි ගොවීන්ට වන්දි ලබා දීමේදී,වන්දි ලබා දෙන වැඩපිළි‌වෙල අපි ආරම්භ කරෙත්, 2018 වර්ෂයේ මම කෘෂිකර්ම අමාත්‍යයවරයා විදිහට කටයුතු කරන අවස්ථාවේ අපි භෝග 06 ක් සඳහා රක්ෂණයක් අපි ආරම්භ කළා, ගොවීන්ගෙන් මුදල් අය කිරීමකින් තොරව. වී, බඩඉරඟු, අර්තාපල්, බී ළූණු, සෝයා බෝංචි සහ මිරිස් වගාවට ගොවීන්ගෙන් මුදල් අයකිරිමකින් තොරව හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක් බැඟින් වන්දි ලබා දෙන වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා.ඒ අනුව ගිය වසරේ පමණක් රුපියල් බිලියන 1.75 ක් වන්දි ලෙස කෘෂි රක්ෂණ මණ්ඩලයෙන් වන්දි ලෙස ලබා දී තිබෙනවා.මේ අවුරුද්දේ කොච්චර ගෙවන්න වෙයිද කියලා අපිට හිතාගන්න බෑ.නමුත් කොතරම් අමාරු වුණත්, රජය කොතරම් මුල්‍ය දුෂ්කරතාවක හිටියත්, අපි ගොවිජනතාව ගොවිතැනට ගිහින් හානියක් වුණොත් ඒ සඳහා වන්දියක් ලබා දෙන්න සිද්ධ වෙනවා.වන්දියක් ප්‍රමාණවත් වෙන්නේ නැති බව ඇත්ත, අපි දන්නවා ගොවිජනතාවගේ බලාපොරොත්තුව කිසිම තැනක වගා හානි වුණාම, වතුර නැති වුණාම වන්දියක් අරගෙන පැත්තකට වෙන්න නෙමෙයි,එයාලට අවශ්‍යය අස්වැන්න නෙලා ගන්න, මේ පිළිබඳව තියෙන ගැටලු පිළිබඳව දැන් අපි අවධානය යොමු කරමින් ඉන්නවා.අපිට අනාගතයේදී කොහොමද මුහුණ දෙන්නේ, ගොවීන්ට වන්දි දීලා මේ ප්‍රශ්නය විසඳන්න පුලුවන්ද? මේ වගේ තත්වයක් ඇති වුණොත් ගොවීන් ගොවිබිමේ රැක ගන්නේ කොහෙමද? ඒ අය ගොවිබීමෙන් ඈත් වෙන්න තියෙන අවධානමක් අපිට තියෙනවා.ඒ නිසා අපි අමාත්‍යංශය විදිහටත්, ආයතන විදිහටත්, පුලුල් කථිකාවතක් කළ යුතු වෙනවා, මේ අඩු ජලයෙන් වගා කිරීම පිළිබඳව, ඒ වගේම නියමිත වෙලාවට කන්නය ආරම්භයේදීම වගා කිරීම පිළිබඳව, ඒ සියල්ල කෙරෙහි අවධානය යොමු කලේ නැත්නම්, අපිට අනාගතයේදීත් මේ ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.‍ අපිට රටකින් ගෙනල්ලා කන්න දෙනවා කියන එක ගැන විශ්වාසයක් තියන්න බෑ, සමහර කට්ටිය හිතනවා, අපේ අස්වැන්න නැති වුණාට කමක් නෑ, අපිට රටින් ගෙනල්ලා කන්න දෙන්න පුලුවන් කියලා, නමුත් ඉන්දියාව හාල් අපනයනය තහනම් කරලා තියෙනවා.අපි ප්‍රධානව සහල් ගන්න රට, පකිස්ථානයත් මිළ වැඩි කරලා තියෙනවා.ලඟදීම එයාලත් අපනයනය තහනම් කරනවා.ඊළඟට වෙන රටකින් ගන්න ගියත්, ඉතාමත් වැඩි මිලකට ගන්න වෙන්නේ ,2007 දී මේ වගේ තත්වයක් ඇති වුණාම ඉන්දියාව සහල් අපනයනය තහනම් කලාම, අපි සහල් ගෙන ආවේ මියන්මාර් වලින්, රාජ්‍යත්‍රාන්තික මට්ටමින් මැදිහත් වෙලා තමයි ඒ හාල් ගෙන ආව‌ේ, ඒ හාල් ගෙන ආවේ ඩොලර් 1000 ට විතර, 300 ට අඩුවෙන් තිබුණ එක එක සැරේට 1000 ට ගියා.අනාගතයේත් අපිට ඇති වෙන තත්වය ඒක.ඒ නිසා අපි බලන්න ඔ්න කොහෙන්වත් ගෙනල්ලා කන්න දෙන්න නෙමෙයි.අපේ රටට අවශ්‍යය ආහාර ටික අපේ රටේම නිෂ්පාදනය කර ගන්න ඔ්න.මම කෘෂිකර්ම අමාත්‍යයවරයා විදිහට ඉල්ලන්න කැමතියි,අපි වතුර අරපිරිමැස්මෙන්, ඊළඟ කාළපරාසය, ඊළඟට එන මහ කන්නය, ඊට පස්සේ එන යල කන්නය, ඒ දෙකම අභියෝගාත්මකයි.ජාත්‍යන්තර වශයෙනුත් අනතුරු අඟවලා තියෙනවා, නියඟය සහ ගංවතුර කියන දෙකටම අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා. අපි ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් සකස් කරන්න ඔ්න, මේ අභියෝගාත්මක අවස්ථාවේ අපි ආහාර සුරක්ෂිතතාවය කෙරෙහිත් වැඩි අවධානයක් යොමු කරලා, කළට වෙලාවට වගාකීරීම සම්බන්ධවත් අපි අවධානය යොමු කළ යුතු වෙනවා. ඒ වගේම ජලය තිබෙන තැන් වල කුමන හෝ දෙයක් වගා කරන්නත් සිද්ධ වෙනවා.දැන් අපිට බලා ඉන්න පුලුවන්කමක් නෑ, දැන් අපිට අනාගතයේදී සහල් වල යම් අඩුවක් සිදු වෙනවා, ඒකට විකල්ප විදිහට යම් යම් දේවල් සොයා ගන්න වෙනවා.දැන් අපිට සහල් පිළිබඳ අභියෝගයක් ගැන කතා වෙන මොහොතක්, අපි බලාපොරොත්තු වුණේ සහල් අතිරික්තයක්, පහුගිය කන්නයේ වගා කරපු ගොවීන් පොහොර වර්ග 03 ම දැම්මා, මඩ පොහොර නිකං දුන්නා, යූරියා ටික අපි රුපියල් 9000 -10 000 ට දුන්නා, බණ්ඩි පොහොර තිබුණා.අවුරුදු ගණනකට පස්සේ පොහොර වර්ග 03 ම එක්ක වගා කරපු කන්නයක්.ඒ කන්නයෙත් යම්කිසි ප්‍රශ්න වලට මුහුණ දෙනවා නියඟය නිසා, සහල් අතිරික්තයක් බලාපොරොත්තු වුණ අපිට දැන් සහල් හිඟයක් එයි කියලා සැකයක් මතු වෙලා තියෙනවා.එය කළමණාකරණය කර ගන්න අවශ්‍යය පියවර අපි දැනටමත් ගන්නවා.සත්ත්ව ආහාර සඳහා පහුගිය කාළයේම දුන්නේ හාල්, බියර් හදන්නත් දුන්නා.අපේ ගොවීන් වැඩිපුර නිෂ්පාදනය කරපු නිසා, දැන් අපි ඒවා නතර කරනවා.එතකොට යම් ප්‍රමාණයක් ඉතුරු වෙනවා.ඒකත් එක්ක මේක කළමණාකරනය කරගන්න හැකිවෙයි.ඒ නිසා ගොවිජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හැකි තැනක මොනවා කන්න පුලුවන් දේවල් අපි වගා කරමු, රටකින් ගෙනල්ලා මේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න පුලුවන්කමක් නෑ.විශාල කාර්යයභාරයක් කරපු පිරිසක් ගොවිජනතාව, පසුගිය කාළයේ පොහොර ප්‍රශ්නයට මුහුණ දෙමින්, රසායනික පොහොර නැතිව, කෘමිනාශක, වල්නාශක නැතිව මහා දුකක් විඳපු ජනතාවක්, ඒ අයගේ රත්‍රන් බඩු තාමත් උකසේ බේරගන්න බැරිව, ඉඩකඩම් උකස් කරපු අය ඉන්නවා, ඒ අය යම් තත්වයකට පත් වෙමින් යන වෙලාවේ තමයි මේ අභියෝගාත්මක අවස්ථාවට මුහුණ දෙන්නේ, ඒ වගේ අවස්ථාවක අපි අධිෂ්ඨානශීලීව මේ මොහොතේ රට වෙනුවෙන් ඔබේ කැපවීම අපේක්ෂා කරනවා යැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 8
Previous Post

රනිල් යළි ජනාධිපතිවරණයට ඉල්ලන්නේ නෑ .. එයා ගෞරවණියයව විශ්‍රාම ගන්නවා – උදයංග විරතුංග

Next Post

ජනතාව බලාපොරොත්තු වෙන සැබෑ වෙනස කරන්න ජාතික ජන බලවේගය සූදානම් – අනුර දිසානායක

editor

editor

Next Post

ජනතාව බලාපොරොත්තු වෙන සැබෑ වෙනස කරන්න ජාතික ජන බලවේගය සූදානම් - අනුර දිසානායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved