පාසල් සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීම සහ ඔවුන් අතර බෝ නොවන රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්, පාසල් ආපනශාලා තුළ අලෙවි කරනු ලබන සෞඛ්‍යයට අහිතකර සහ සැකසූ ආහාර වර්ග තහනම් කිරීමට පියවර ගෙන තිබේ. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍ය බුද්ධික සුදසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.
මෙම නව තීරණයට අනුව, දරුවන්ගේ ශාරීරික වර්ධනයට අහිතකර ලෙස බලපාන අධික ලෙස සීනි, ලුණු සහ මේදය අඩංගු ආහාර වර්ග පාසල් ආපනශාලාවල අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වේ. විශේෂයෙන්ම කල් තබා ගන්නා ද්‍රව්‍ය අඩංගු සැකසූ ආහාර සහ දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර අනෙකුත් කෘතිම ආහාර වර්ග ද මීට අයත් වේ.
දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න අනාගතයක් වෙනුවෙන් මෙම නීති ක්‍රියාත්මක කිරීමේදී දෙමාපියන්, ගුරුවරුන් සහ පාසල් ආපනශාලා පාලනාධිකාරිය යන සියලු පාර්ශවයන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ඉදිරියේදී දිවයින පුරා පාසල් ආපනශාලා පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද සෞඛ්‍ය අංශ අපේක්ෂා කරයි.
















