ජාතික හා පළාත් පාසල්වල පවතින ගුරු සේවයේ 3-I(අ) ශ්රේණියට උපාධිධාරීන් 23,006ක් බඳවා ගැනීමේ පළමු අදියරේ සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛනය අධ්යාපන අමාත්යාංශය විසින් අද (14) ප්රකාශයට පත් කර තිබේ.
විභාග දෙපාර්තමේන්තුව විසින් ඉකුත් මැයි 24 වැනි දින පවත්වන ලද ලිඛිත විභාගයේ ප්රතිඵල මෙලෙස නිකුත් කර ඇති අතර, අදාළ නාම ලේඛන අධ්යාපන අමාත්යාංශයේ නිල වෙබ් අඩවිය (moe.gov.lk) වෙත පිවිසීමෙන් පරීක්ෂා කරගත හැකිය. අයැදුම්කරුගේ පදිංචි පළාතට අදාළ වෙබ් අඩවි සබැඳිය ඔස්සේ තමන් අයැදුම් කළ ගැසට් පත්රයට සහ මාධ්යයට අදාළව විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීම මඟින් සුදුසුකම් ලබා ඇත්දැයි තහවුරු කරගත හැක. මෙම සම්මුඛ පරීක්ෂණ 2026 නොවැම්බර් මස පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, ඊට අදාළ නිල කැඳවීම් ලිපි ඉදිරියේදී තැපැල් මාර්ගයෙන් යොමු කිරීමට නියමිතය.


















