රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වුණු ජාතික කඳවුර සඳහා ආරක්ෂිත ශිෂ්‍යභට බාලිකා කාණ්ඩ තෝරා ගැනීමේ තුන්වන අදියර සාර්ථකව අවසන් විය. දිවයින පුරා බල ඇණි හතරකින් ශිෂ්‍යභට බාලිකා කාණ්ඩ 60ක් සහභාගී වූ මෙම තරඟාවලියේදී, 1 වැනි බලඇණිය (හික්කඩුව) නියෝජනය කරමින් ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලය ශූරතාවත්, ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලය අනුශූරතාවත් දිනාගත්තේය. 3 වැනි බල ඇණිය (කොල්ලුපිටිය) අංශයෙන් කොළඹ විශාඛා විද්‍යාලය ශූරතාවත්, කොළඹ ගෝතමි බාලිකා විද්‍යාලය අනුශූරතාවත් හිමිකර ගත් අතර, 4 වැනි බලඇණිය (කුරුණෑගල) නියෝජනය කළ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය ශූරතාවත්, එම විද්‍යාලයේම ජනාධිපති බාලිකා විද්‍යාලය අනුශූරතාවත් දිනාගත්තේය. 14 වැනි බල ඇණිය (කුලියාපිටිය) යටතේ නාරම්මල මයුරපාද මධ්‍ය විද්‍යාලය ශූරතාව දිනා ගත් අතර, කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයට අනුශූරතාව හිමිවිය.
මෙම විසිර යාමේ පෙළපාළියේ ප්‍රධාන ආරාධිතයා ලෙස 11 වැනි පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්. එම්. ජී. ඊ. හේරත් මහතා සහභාගී විය.














