ශීඝ්‍රයෙන් දියවී යන ග්ලැසියර හේතුවෙන් ඉදිරි දශකවලදී බරපතල ජල අර්බුදයක් මතුවිය හැකි අතර, මෑතකදී නේපාල-ටිබෙට් දේශසීමාවේ සිදුවූ ග්ලැසියර බිඳවැටීමෙන් පුද්ගලයින් 1,300කට අධික පිරිසක් මියගොස් තවත් 5,300කට වැඩි පිරිසක් අතුරුදහන් වීම මෙම අවදානම තවදුරටත් තීව්‍ර කර ඇත.
ග්ලැසියර පසුබැසීමත් සමඟ අවදානම් සහගත හිම වැව් දහස් ගණනක් බිහි වී ඇති අතර, ඉන්දියාවේ පමණක් අධි අවදානම් සහිත ග්ලැසියර වැව් 200කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බවත්, කලාපීය ආර්ථිකයට සහ මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවනෝපායන්ට එය දැඩි තර්ජනයක් වී ඇති බවත් වාර්තාව පෙන්වා දෙයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















