යුරෝපා සංගමය සහ ඉන්දියාව අතර අත්සන් තැබීමට නියමිත මෙම නිදහස් වෙළෙඳ ගිවිසුම සඳහා කවුන්සිලයේ අනුමැතිය හිමිවුණහොත්, එය දෙපාර්ශ්වය මෙතෙක් සම්බන්ධ වන විශාලතම වෙළෙඳ ගිවිසුම බවට පත්වනු ඇතැයි නිවේදනය කර තිබේ.
මෙම ගිවිසුම ක්‍රියාත්මක වීමත් සමඟ යුරෝපා සංගමයෙන් ඉන්දියාවට අපනයනය කෙරෙන භාණ්ඩවලින් 96%ක තීරුබදු ඉවත් වීම හෝ අවම වීම සිදුවන අතර, ඒ හරහා යුරෝපීය ව්‍යාපාරිකයන්ට වාර්ෂිකව යුරෝ බිලියන 4ක පමණ තීරුබදු මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වනු ඇත. දැනටමත් දෙපාර්ශ්වය අතර වාර්ෂිකව යුරෝ බිලියන 180කට අධික භාණ්ඩ හා සේවා ගනුදෙනු සිදුවන අතර, මෙමඟින් යුරෝපයේ රැකියා අවස්ථා ලක්ෂ 8කට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය වී ඇති බව යුරෝපීය කොමිසම වැඩිදුරටත් පෙන්වා දෙයි.
















