2025 ඔක්තෝබර් 30 වන දින ආරම්භ කරන ලද “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 130,000කට අධික ප්‍රමාණයක් විනාශ කිරීමට නියමිත බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි. මෙම මෙහෙයුම ආරම්භයේ සිට මේ දක්වා සැකකරුවන් 160,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව එම කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා සඳහන් කළේය.
අධිකරණ කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමේ වැඩසටහනක් ඊයේ (27) පුත්තලම, වනාතවිල්ලුව ලක්තෝවත්ත ප්‍රදේශයේදී අධිකරණ අධීක්ෂණය යටතේ සිදු විය. එහිදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 302ක් පමණ පුළුස්සා විනාශ කර තිබේ. “රටම එකට” මෙහෙයුම යටතේ මේ දක්වා හෙරොයින් කිලෝග්‍රෑම් 1,917ක්, අයිස් කිලෝග්‍රෑම් 1,979ක්, කොකේන් කිලෝග්‍රෑම් 271ක් සහ ගංජා කිලෝග්‍රෑම් 5,158ක් අත්අඩංගුවට ගෙන ඇත. මීට අමතරව සැකකරුවන් 215 දෙනෙකුගේ නීතිවිරෝධී වත්කම් පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
















