වීරකැටිය, මැදමුලන ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත නීතිවිරෝධී ගිනිඅවියක් සහ ටී-56 උණ්ඩ සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) සමත්ව තිබේ. විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (27) මැදමුලන, හිංචිගුණ ප්‍රදේශයේ පිහිටි නිවසක් පරීක්ෂා කිරීමේදී මෙම සැකකරු හසු වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 41 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර ඔහු සන්තකයේ තිබී නීතිවිරෝධී ගිනිඅවියට අමතරව ටී-56 වර්ගයේ උණ්ඩ 02ක් ද සොයාගෙන තිබේ. සැකකරු සහ ගිනිඅවිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව වාර්තා වේ.
















