රත්ගම පොලිස් වසමේ කටුපොල්කෑල්ල ප්‍රදේශයේදී ඊයේ (28) රාත්‍රියේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි 32 හැවිරිදි පුද්ගලයෙකුට කැලෑබද ප්‍රදේශයක සැඟව සිටි පුද්ගලයෙකු විසින් ටී-56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පලාගොස් තිබේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා රත්ගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහල වෙත මාරු කර යවා ඇත.
තුවාල ලැබූ පුද්ගලයා රත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කරයි.
වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා රත්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.














