27 April 2024
#දේශීය

ජාත්‍යන්තර ලෝක හමුදා ස්නයිපර් වෙඩි තැබීමේ – 2021 තරගාවලියෙන් ශ්‍රී ලංකාව 07 වන ස්ථානයට

රුසියානු හමුදාව මගින් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර ලෝක හමුදා ස්නයිපර් වෙඩි තැබීමේ – 2021 තරගාවලිය (sniper frontier)ශ්‍රි ලංකා යුධ හමුදා ස්නයිපර් කණ්ඩායම 7 වන ස්ථානය ලබා ගැනීමට සමත් වී ඇත.

රුසියානු හමුදාව මගින් සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලිය 2021-08-18 දින සිට 2021-09-04 දක්වා බෙලරූස් රාජ්‍යයේදි පැවැත්වුණි. ඒ සදහා රටවල් 15ක් සහාභාගි වූහ.

එහිදී ශ්‍රි ලංකාව නියොජනය කරමින් සහාභාගි වු ශ්‍රි ලංකා යුධ හමුදා ස්නයිපර් කණ්ඩායම ඉන්දියා,පකිස්තාන ස්නයිපර් කණ්ඩා‍යම් අබිභවමින් 7 වන ස්ථානය ලබා ගැනීමට සමත් වී ඇත.

ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කරමින් තරගාවලියට සහභාගී වූ, ලුතිනන් කර්නල් මූණගමගේ, මේජ්ර් ගංගනාත්,මේජ්ර් හෙට්ටිආරච්චි, මේජ්ර් ආරියරත්න,බොම්බඩි‍යර් චන්දන, කෝප්‍රල් ලක්මාල්, ලාන්ස් කෝප්‍රල් කුමාර, ලාන්ස් කෝප්‍රල් රත්නායක යන තරගකරුවන් සහභාගි වුහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *