27 April 2024
#දේශීය

ජනපතිට පුළුවන් පැයෙන් අපේ ප්‍රශ්ණය විසදන්න රවි කුමුදේශ් කියයි

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට තලන්න පොල්ල ගන්නවා වගේ පෙන්වලා කළු සැලසුමක් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි.

ඒ මහතා කියා සිටින්නේ JR ගිය ඒකාධිපති ගමනට පාර කපාගෙන, හදිසි නිතී රෙගුලාසි ගෙනල්ලා මර්ධනය කරන්න තරම් ගැටලුවක් සිදුවී නොමැති බවයි. මෙම ගැටළුව ජනාධිපතිවරයාට ඕනේ නම් පැයකින් විසදන්න පුළුවන් ප්‍රශ්ණයක් බව හෙතෙම පැවසිය.

එසේම උගුලක අහු කරන්න සෞඛ්‍ය ලේකම් හිතාමාතාම සැලසුම් කරලා තිබෙන බව හෙතෙම පැවසිය.

ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට වදුරු හමුදාවක් එළියට දාලා ඇති අතර කවදා හරි ඔය වදුරෝ ටික, මැස්සාට කියලා ජනාධිපතිට කඩුවෙන් කොටනවා යැයි කුමුදේශ් මහතා අවධාරණය කලේය.

රට ඒකාධිපති ගමනකට හරවමින් සිටින අතර ඒක මුළු රාජ්‍යයම බංකොලොත් වෙන විදිහේ නරක සෙල්ලමක් බව ඔහු කියා සිටියේය.

රෝගීන් පිළිබද අනුකම්පාව, දයාව, දුක, සම්පූර්ණයෙන්ම බොරුවක්. හදිසි නීතිය ගේන්න සැලසුම් සහගත කළු මෙහෙයුමක් දියත් වන බව රවි කුමුදේශ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *