ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ් (Josh Hazlewood) ප්‍රමුඛ පන්දු යවන්නන්ගේ දක්ෂතාව හේතුවෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් (Lucknow Super Giants) කණ්ඩායමට එරෙහිව කඩුලු පහක ජයක් ලැබීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායම ඊයේ (15) සමත් විය මෙම ජයග්‍රහණයත් සමඟ බැංගලෝර් කණ්ඩායම යළිත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණ තිබීම විශේෂත්වයකි
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ලක්නව් කණ්ඩායමට බැංගලෝර් පන්දු යවන්නන්ගේ දැඩි පාලනය හමුවේ ලබාගත හැකි වූයේ ලකුණු 146 ක් පමණි එහිදී හේසල්වුඩ් ලකුණු 20 කට එක් කඩුල්ලක් දවාගත් අතර රසික් ඩාර් (Rasikh Dar) ලකුණු 24 කට කඩුලු හතරක් බිඳ හෙළීය පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් විරාට් කෝලි ලකුණු 49 ක් රැස් කරමින් ජයග්‍රහණය පහසු කළේය ලක්නව් නායක රිෂාබ් පාන්ට් පන්දුවක් වැදීමෙන් ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්වීම එම කණ්ඩායමට එල්ල වූ දැඩි පහරක් විය බැංගලෝර් කණ්ඩායම සහභාගී වන මීළඟ තරගය ලබන සෙනසුරාදා දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතය













