පවතින තද වැසි තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ග භාවිතා කරන රියදුරන් විද්‍යුත් පුවරුවල ප්‍රදර්ශනය වන අවවාදාත්මක පණිවිඩ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බව මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙයි. වර්ෂාවත් සමඟ දහවල් කාලයේ පවා පවතින අඳුරු සහ මීදුම් සහිත ස්වභාවය සැලකිල්ලට ගෙන, රිය ධාවනය කිරීමේදී වාහනවල ඉදිරිපස ලාම්පු දල්වා තබා ගැනීමට පියවර ගන්නා ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
විශේෂයෙන්ම මෙවැනි අයහපත් කාලගුණික තත්ත්වයන් යටතේ වාහනයේ වේගය පැයට කිලෝමීටර් 60 ක උපරිම සීමාවක පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ. තවද, වාහනය පාලනය කරගත හැකි වේගයකින් පවත්වා ගනිමින් ඉදිරියෙන් ගමන් කරන වාහන අතර ආරක්ෂිත පරතරය තබා ගැනීමට කටයුතු කරන ලෙස ද මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කරයි.















