බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද, ඌව සහ දකුණු පළාත් ඇතුළු අම්පාර, මඩකලපුව, මන්නාරම සහ වවුනියාව යන දිස්ත්‍රික්ක සඳහා අද රාත්‍රී 11.30 දක්වා බලපැවැත්වෙන පරිදි ප්‍රචණ්ඩ අකුණු පිළිබඳ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. පස්වරු 1.00න් පසුව දිවයිනේ බොහෝ ස්ථානවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රචණ්ඩ අකුණු ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව පෙන්වා දෙන එම දෙපාර්තමේන්තුව දිස්ත්‍රික්ක 21ක් සඳහා රතු නිවේදන ද තවත් දිස්ත්‍රික්ක 04ක් සඳහා ඇම්බර් නිවේදන ද නිකුත් කර ඇත. ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින් විවෘත ස්ථානවල හෝ ගස් යට රැඳී සිටීමෙන් වැළකී සිටින ලෙසත් විදුලි උපකරණ භාවිතයේදී වඩාත් සැලකිලිමත් වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට දැඩි ලෙස අවධාරණය කරයි.














