බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්රදේශවල ගමන් කරන බහුදින ධීවර යාත්රා සඳහා කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
උතුරු අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්ක ප්රදේශයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති අතර, එය ඉදිරි පැය කිහිපය තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අදාළ පද්ධතිය වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වී ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්විය හැකි බවත්, ඔක්තෝබර් 26 වැනිදා උදෑසන වන විට බෙංගාල බොක්කේ බටහිර මධ්යම ප්රදේශයේදී සුළි කුණාටුවක් බවට පත්වීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බවත් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි.
ඒ අනුව, උතුරු අක්ෂාංශ 10ත් 20ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්රදේශවල නැවත දැනුම් දෙනතුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම් දී තිබේ.
දැනට එම මුහුදු ප්රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරතව සිටින පිරිස් වහාම ආරක්ෂිත ප්රදේශ වෙත යාත්රා කරන ලෙසද උපදෙස් ලබා දී ඇත.
ධීවර හා නාවික ප්රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ඉදිරියේදී නිකුත් කරන නිවේදන පිළිබඳව විමසිලිමත් වන ලෙසත් ඉල්ලා සිටී.













