• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අනුරාධපුරයට බලපාන ගංවතුර තර්ජනයට පිළියමක් යොදයි

15 July 2021
in සංවර්ධන

සෑම වර්ෂයකදීම පවතින දැඩි වර්ෂාවත් සමග මල්වතුඔය ආශ‍්‍රිතව ඇතිවන ගංවතුර තත්වය පාලනය කිරීම හා මල්වතුඔය වැඩිදියුණු කර මහජන පීඩාවන් අවම කිරීම සඳහා ජර්මන් පාලම අසල සිට කොහොඹගස් හංදිය ගල්කඩවල අමුණ දක්වා කිලෝමීටර් අටක් ප‍්‍රතිසංසකරණය කිරීම අවසන් අදිරයට පැමිණ ඇති බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

වසර ගණනාවකින් සංවර්ධනය ‌නොකෙරුණු මල් වතු ඔයෙහි බාධක ලෙස වැටී ඇති ගස් ඇතුළු අනෙකුත් බාධක ඉවත් කර, පිරී ඇති පස් දෙපස ඉවුරට ගොඩ ගසා, ඔය තුළ ඇති විශාල ගස් ඉතිරි කර පැරණි මල්වතු ඔය තරමටම මල්වතු ඔය පළල් කිරීම සිදු කෙරේ.

ඊට අමතරව සෝදා පාලුවට ලක්වන ස්ථාන කොන්ක්‍රිට් අතුරා සංවර්ධනය කිරීමද සිදු කරනු ලබයි.දීර්ඝ කාළයක් පුරා. රොන් මඩ පිරීම හා ආක්‍රමණික ශාඛ ව්‍යාප්තිය හේතුවෙන් අවහිර වී තිබෙන මල්වතු ඔයේ පවතින ආක්‍රමණික ශාඛ හා රොන් මඩ ඉවත් කර ඔය පුළුල් කර ජලය ගලා යාමට ඇති බාධාවන් ඉවත් කිරීම මගින් වර්ෂා කාලයේදී පහසුවෙන් මල්වතු ඔය හරහා ජලය ගලා යාම මගින් අනුරාධපුරයට සෑම වර්ෂයකම ඇතිවන ගංවතුර පාලනය කර ගැනීම මෙහි ප්‍රමුඛ අරමුණයි.

අනුරාධපුර මල්වතු ඔය පිටාර ගැලීම නිසා සිදුවන ගංවතුර අවදානම අවම කිරීම සඳහා ආපදාවට පෙර සූදානම වැඩසටහන යටතේ මල්වතු ඔය ප්‍රතිසංස්කරණය කිරීමේ පළමු අදියර 2018 වර්ෂයේදී ජර්මන් පාලම අසලදී ආරම්භ කෙරිණි.

එහි දෙවන අදියර ලෙස 2019 වර්ෂයේ මුල් භාගයේ මල්වතු ඔය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරිණි‍.එහි තෙවැනි අදියර පසුගිය මාර්තු මස 01 වැනි දින ආරම්භ කෙරුණු අතර, මේ වන විට එම කටයුතු අවසන් අදියරට පැමිණ ඇත.

ගංවතුර අවදානම පවතින ප්‍රදේශවල ගග දෙපස ඉවුරු ශක්තිමත් කිරීම, ජල මාර්ග හා ඇල වේලි ශුද්ධ පවිත්‍ර කිරිම, රොන් මඩ ඉවත් කිරීම, පැති බැමි ඉදිකිරීම් ඇතුළු ගංවතුර අවදානම අවම කිරිමේ ව්‍යාපෘතිය යටතේ මල්වතු ඔය ආශ්‍රිතව සංවර්ධන කටයුතු රැසක් මේ වන විට අවසන් වෙමින් පවතී. වසර ගණනාවකින් ප්‍රථිසංස්කරණයක් සිදු නොවීම හේතුවෙන් ආක්‍රමණික ශාඛ විශාල වශයෙන් මල්වතු ඔය අක්‍රමණය කර තිබීම හේතුවෙන් පහසුවෙන් ජලය ගලා යා නොහැකි වීමෙන් සුළු වර්ෂාපතනයකදී පවා මල්වතු ඔය පිටාර ගලා ගංවතුර තත්වයක් ඇති වන අතර, මේ වන විට එම අවධානම පහව ගොස් ඇති බවට ප්‍රදේශවාසීන් පවසති.

මල්වතු ඔය සංවර්ධන කටයුතු රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ නිරීක්ෂණයට ලක් වූ අතර, එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක,” අනුරාධපුර නගරයේ සියලු දෙනාම දන්න දෙයක්, හැම වර්ෂයකම ඇති වෙන දැඩි වර්ෂාපතනයත් එක්ක මල්වතු ඔය දෙපස අයගේ වගාවන් විනාශ වෙනවා, තමන්ගේ ගෙවල් දොරවල් වල පවා ඉන්න බැරි වෙනවා, ඒ නිසා අපි මල්වතු ඔය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කළා ඒ ජනතාවගේ ගැටලුවට විසදුමක් ලෙස, අපිට එය සාර්ථකව සිදු කර ගන්න ලැබුණා. විශේෂයෙන්ම මම පුද්ගලිකව සතුටු වෙනවා, මීට වසර කීපයකට පෙර ආරම්භ කරපු වැඩසටහන අවස්ථා කීපයකදීම නතර වුණත් නැවත වතාවක් ආරම්භ කරලා අවසන් අදියර දක්වාම ගෙනයන්න ලැබීම පිළිබඳව, විශේෂයෙන්ම මල් වතු ඔය සුද්ධ පවිත්‍ර කරලා, පළල් කරලා එදා පැවතුණු මල්වතු ඔය නැවත වතාවක් ඇති කිරීමත් එක්ක, ගොවිජනතාවට වගේම ප්‍රදේශවාසීන්ට විශාල සහන ප්‍රමාණයක් ලැබිලා තියෙනවා.අදත් අපෙන් ඉල්ලීම් කළා මේ ගම් දෙක යා වෙන පාර සකස් කරලා දෙන්න කියලා.ඒකෙන් පේනවා මේ ව්‍යාපෘතිය හරහා ගංවතුර ඇති වීම පාලනය පමනක් නෙමෙයි, අද ගමේ සංවර්ධනයත් වෙනස්ම විදිහකට ආරම්භ වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මල්වතු ඔය සුද්ධ පවිත්‍ර කිරීමත් එක්ක අනාගතයේදී දේශීය සංචාරක කර්මාන්තයට පවා, මල්වතු ඔය භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඒ අනුව අනුරාධපුරයේ වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට නිස්කලංක පරිසරයක ආහාර ගැනීමේ අවස්ථාව සැලසීමට ස්ථාන, නාන තොටු පළවල්, බෝට්ටු සවාරි සදහා අවස්ථාව සලසා දීලා මෙය ඉතාමත් සාර්ථක ව්‍යාපෘතියක් විදිහට මෙම ව්‍යාපෘතිය අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම පහළ මල්වතු ඔය ජලාශයත් මේ වන විට ඉදි වෙමින් පවතිනවා, ඒකත් මම වාරී මාර්ග අමාත්‍යයවරයාව සිටියදී ආරම්භ කළ වැඩසටහනක් විදිහට චමල් රාජපක්ෂ ඇමතිතුමා මෙවර මේ ආණ්ඩුවෙන් විශාල මුදලක් ලබා දීලා ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න ආරම්භ කළා, එතැනදී අපිට පුලුවන්කම ලැබෙනවා කලාවැව වගේ 05 ගුණයක් විශාල ජලාශයක් ඇති කරන්න, එමගින් සිංහල අපිට පමණක් නෙමෙයි දෙමළ, මුස්ලිම් ජනතාවටත් වගා කටයුතු වලට වගේම, කෘෂිකර්මාන්තයෙන් තමන්ගේ ජීවන තත්වය උසස් කර ගන්න වගේම තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන්නත් හැකියාව ලැබෙනවා. අපි කවුරුත් භාවිතයට නොගෙන මල්වතු ඔය හරහා විශාල ජල ප්‍රමාණයක් මුහුදට ගලා ගෙන ගියා, ඒ වතුර ටික එකතු කර ගෙන අපේ පළාත ශක්තිමත් කරන්න, අපේ රට සශ්‍රික කරන්න අපිට ඒ හරහා පුලුවන්කම ලැබෙනවා.

 

Post Views: 24
Previous Post

අතිරේක සොලිසිටර් ජෙනරාල්වරුන් 07 දෙනෙකු ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කෙරේ

Next Post

පවිත්‍රා රුසියාවේ ස්ටාලිනුයි ලංකාවේ ස්ටාලිනුයි පටලවාගෙන – රවී කුමුදේශ් කියයි

editor

editor

Next Post

පවිත්‍රා රුසියාවේ ස්ටාලිනුයි ලංකාවේ ස්ටාලිනුයි පටලවාගෙන - රවී කුමුදේශ් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved