විදේශගත වන භික්ෂූන් වහන්සේලා සඳහා අදාළ විහාරාධිපති හිමියන්, ප්‍රාදේශීය නායක හිමියන් සහ අදාළ නිකායේ මහ නායක හිමිවරුන්ගෙන් නිර්දේශ ලබාගත යුතු බවට පැවති නීතිය ඉදිරියේදී යළි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසයි.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය කාලයේ යම් යම් හේතූන් මත මෙම ක්‍රියාවලිය නතර වී තිබූ බවයි. මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදේශයක සිට මෙරටට පැමිණි චීවරධාරීන් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය ඇතුළු සක්‍යතාවට පටහැනි සහ ශාසන විරෝධී සිද්ධීන් වාර්තා වීමත් සමඟ මහ නාහිමිවරුන්ගේ උපදෙස් පරිදි මෙම පියවර ගෙන ඇත. ඒ අනුව ලේඛකාධිකාරි හිමිවරුන් සමඟ පැවති සාකච්ඡාවකදී මෙම නිර්දේශ යළි ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමක් සිදු කර තිබේ.














