27 April 2024
#දේශීය

රිලවුන් චිනයට පැටිවම හොදයි – උකුවෙල සම්බන්ධිකරණ කමිටුව යෝජනාවක් සම්මත කරයි

මෙරට වගාවන්ට දැඩි ලෙස හානි සිදු කරන රිලවුන් ගහණය පාලනය කිරිම සදහා විදේශ රටක උද්‍යානයක් වෙත රිලවුන් ලබා දිමට ගෙන ඇති තිරණය කාලෝචිත බවට සහ ඒ සදහා කමිටුවේ පුර්ණ සහය ලබා දෙන බවට වු යෝජනාවක් උකුවෙල ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවේ දි සම්මත විය.

කමිටු රැස්විම ඉකුත්දා උකුවෙල සම්බන්ධීකරණ කමිටු සභාපති/ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදි පැවැත්විණි.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ උකුවෙල ප්‍රදේශය කෘෂිකාර්මික ජිවනෝපාය සිදු කරමින් විශාල ජනතාවක් ජිවත්වන බවත් මේ වන විට ගම්මාන රැසක බෝග රිලවුන් විසින් විනාශයක් සිදු කරන බවය.තමන්ට නිරන්තරයෙන් ගොවින්ගෙන් සහ අනෙක් ජනතාවගෙන් විශාල ලෙස මෙම තත්වය පිළිබදව පැමිණිලි ලැබෙන බවත් විද්‍යෘත්මක ක්‍රමවෙද අනුගමනය කරමින් මෙම රිලාගහනය අඩු කිරිමට පියවර ගත යුතු බවත් නැත්නම් වෙනත් ක්‍රියාමාර්ගවලටද ජනතාව පෙළඹිමට පවා කඩකඩ වැඩිවි ඇති බවය.

මේ වන විට පොල්.කෙසෙල් ඇතුලු බෝගවාලට විශාල ලෙස රිලවා හානි සිදු කරමින් ඇති බවත් දුරකතන රැහැන් පවා කා දමන තත්වයට පත්ව ඇති බව ද මෙහිදි අදහස් දැක්වු නිලධාරින් කිහිපදෙනෙකුම පැවසිය.

මේ වන විට කොට්ඨාශය පුරාම මෙම රිලවුන්ගෙන් වන හානිය දැඩි ලෙස උග්‍ර වි ඇති බවත් ඇතැම් නිවෙස් හිමියන් සිය වාසස්ථාන පවා විකුණා දමා යන තැනට පත්ව ඇති බවද මෙහිදි ආනවරණය විය.

මෙම කමිටුවට රැස්වු නිලධාරින්‍ ඇතුලු සියලු දෙනාගේ අදහස වුයේ රිලවුන්ගේ ගහනය අඩු කිරිම සදහා සුදුසුම ක්‍රියාමාර්ගය ගැනිමට කාලය එළඹ ඇති බවත් එසේ නොවුණහොත් ඉදිරියේදි විශාල හානයක් සිදුවන බවය.

මෙම කමිටු රැස්විම සදහා ප්‍රාදේශිය ලේකම් එන්.කේ සේරසිංහ මහත්මිය ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *