ලෝක ප්‍රකට බිලියනපති මුකේෂ් අම්බානිගේ නායකත්වයෙන් යුත් රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් (Reliance Industries) සමාගමේ මාර්තු කාර්තුව සඳහා වන ශුද්ධ ලාභය සියයට 3.7කින් පමණ පහත වැටෙනු ඇති බව මූල්‍ය විශ්ලේෂකයෝ අනාවැකි පළ කරති. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම, සමාගමේ ප්‍රධාන ව්‍යාපාරය වන තෙල් සහ රසායනික (Oil-to-chemicals) අංශයේ නිෂ්පාදන පිරිවැය ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී තිබේ.
අද (24) නිකුත් කිරීමට නියමිත සමාගමේ සිව්වන කාර්තුවට අදාළ මූල්‍ය වාර්තාවලට අනුව, සමස්ත ආදායම සියයට 8.1කින් පමණ ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළද, ඉහළ ගිය මෙහෙයුම් පිරිවැය හේතුවෙන් ලාභය මෙලෙස අඩු වනු ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. කෙසේ වෙතත්, රිලයන්ස් සමූහය සතු අනෙකුත් අංශයන්හි ක්‍රියාකාරිත්වය මෙම තත්ත්වය කළමනාකරණය කර ගැනීමට කෙතරම් දුරට දායක වී ඇත්ද යන්න අද සවස් කාලයේ නිකුත් කෙරෙන නිල දත්ත මඟින් අනාවරණය වනු ඇත.














