27 April 2024
#දේශීය

කොරෝනා සහනයක් – පෙබරවාරි විදුලි බිල අප්‍රේල් 30 ට වනතුරු ගෙවන්න

පෙබරවාරි මාසය සඳහා විදුලි බිල්පත් ගෙවීමට පාරිභෝගිකයින්ට අප්‍රේල් මස 30 වන දින දක්වා සහන කාලයක් ලබා දී ඇති බව විදුලි බල මණ්ඩල ආරංචිමාර්ග පවසයි.

එමෙන්ම විදුලි බිල ගෙවීමට නොහැකිව සිටිය ද කිසිදු අයුරකින් නිවාසවලට සපයා ඇති විදුලිය විසන්ධි කිරීමක් නොකරන ලෙස විදුලිබල හා බලශක්ති, ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් විදුලිබල මණ්ඩලය වෙත දැනුම් දී ඇති බවත් වාර්තා වෙයි.

පසුගිය 7 වන දා නොරොච්චෝලේ ගල් අඟුරු තාප බලාගාරයේ සේවක මණ්ඩල විසින් අඛණ්ඩව විදුලිය සපයමින් මහජනතාවට සපයක සේවාවන් ඇගයීම සඳහා අමාත්‍යවරයා එම විදුලි බලාගාරය වෙත ගොස් රජය හා මහජනතාව වෙනුවෙන් කෘතඥතාවය පළ කර ඇත.

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ තෙවන අදියර කඩිනමින් ආරම්භ කිරීම මඟින් තවත් මෙගාවොට් 300 ක විදුලි ධාරිතාවයක් ජාතික පද්ධතියට එකතු කිරීම රජයේ අපේක්ෂාව බව ද කියා සිටි අමාත්‍යවරයා, විදුලි ඒකකයක් රුපියල් 10-12 ක් අතර මිලකට මහජනතාවට ලබා දීමට එමඟින් හැකියාව ලැබෙන බවද පැවසීය.

කොවිඩ් 19 වසංගත තත්ත්වය මධ්‍යයයේ වුවද නොරොච්චෝල විදුලි බලාගාරය ඇතුළු විදුලි බල ස්ථානයන්හි සේවය කරන මණ්ඩල කරන කැපවීම අගය කරන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *