පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගංජා මිශ්‍රිත මදනමෝදක ගුලි 3,755ක් සමඟ සැකකරුවෙකු ඊයේ (08) නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
නුවරඑළිය පැරණි කඩ වීදියේ පිහිටි වෙළෙඳසලක් පරීක්ෂාවට ලක් කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබේ. සැකකරු ආයුර්වේද වෙළෙඳසලක් පවත්වාගෙන යන මුවාවෙන් බලපත්‍ර රහිතව මෙම ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ගුලි තොගය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යන අතර, සැකකරු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
















