27 July 2024
#විලාසිතා

ශ්‍රී ලංකාවේ නර්තන කලාව ගැනත් අවධානය යොමු කරන්නැයි ඉල්ලීමක්

ශ්‍රි ලංකාවේ නර්තන කලාවේ උඩරට සම්ප්‍රදායට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි.

අතිතයේ රජදරුවන්ගේ විවිධ ගෞරවදරවට පත් වෙමින් උතුම් වු කටයුත්තක් ලෙස සැලකු නර්තන කලාව වර්තමානය වන විට බෝහෝ අභාග්‍යසම්පන්න තත්වයට ලෝක ව්‍යවසන තත්වයක් සමග පත්ව ඇති බව ප්‍රවිණ කලාකරුවන් පවසයි.

වර්තමානයේදි පත්ව ඇති කොරොනා වසංගත තත්වය හමුවේද සම්ප්‍රදායික කලාකරුවන් බෙරවාද ශිල්පින්.උඩරට නැටුම් ශිල්පින්,හේවිසි වාදන කරුවන් සහ විවිධ ශාන්තිකර්ම පවත්වන පිරිස මෙසේ දැඩි අපුහසාතවයන්ට පත්ව සිටින බව උඩරට නර්තනවේදින්ගේ සංගමයේ සභාපති ජනාධිපති සම්මානලාභි ප්‍රවිණ නැටුම් ශිල්පි නිශාන්ත රම්පිටිය මහතා පවසයි.

ප්‍රවින කලාකරුන නිශාන්ත රම්පිටිය මහතා පවසන පරිදි මෙම තත්වය හමුවේ අද වන විට සම්ප්‍රදායික කලාකරුවන්ට යන එනමං ඇහිරි ඇති බවය.විශේෂයෙන් පෙරහර උත්සව/මංගල උත්සව හා වෙනත් උත්සව සදහා නැටුම් ශිල්පින් සහභාගි කරන අතර මෙම තත්වය හමුවේ මේ සියල්ල අද නැති වෙලා.අද මගුල් ගෙවල් කරන්න බැහැ.මිනිස්සුට පිංකම් කරන්න බැරි වෙලා.

ඒ වගේම පන්සල් මෙන්ම ආගමික ස්ථානවල පෙරහර උත්සව සිදු කරන්න බැරි තැනකට පත් වෙලා.

මේ තත්වය හුමුවේ අපේ කලාකරුවන්ට අද වෙනත් වැඩ හොයන්න වෙලා.ඒ වගේම වෙනත් ශාන්ති කර්ම පැවැත්විම අද වන විට නැති වෙලා .කලාකරුවන් ගැන අද කවුරුත් හොයන්නේ නැහැ.රජය මගින් ලබා දෙන රුපියල් පන්දහසේ දිමනාව ගන්න පවා විවිධ බාධක තියෙන්නේ.නිර්ණායක රැසක් නිසා ඒවා ගන්න බැරිවෙලා තියෙන්නේ.

මේ තත්වය පිළිබදව බලධාරින්ගේ අවධානය යොමු විය යුතුයි.හැමදාම කලාකරුවන් කියලා හැමදාම ප්‍රතිලාභ ගන්නේ එක්තර පිරිසක් විතරක යැයිද ඒ මහතා පැවසිය.

ඇතැම් කලාකරුවන් මේ වන විට වයෝවෘද්ධ තත්වයේ සිටින බවත් ඔවුන් ආරක්ෂා කිරිම සදහා නිසි වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවද කලාකරුවන්ගේ අදහසයි.

මාතලේ මහනුවර කුරුණැගල ආදි ප්‍රදේශ ඇතුලු දිවයිනේ සැම තැනකම විසිර සිටින කලාකරුවන් විදේශකයින් සදහා විවිධ නර්තන හැකියාවන් හෝටල් ආශ්‍රිතව පෙන්වමින් සංචාරක කර්මාන්තය සදහාද සුවිශේෂි දායකත්වයක් දක්වා ඇති අතර සංචාරකයින්ගේ නොපැමිණි තුළද මෙම සියලු කටයුතු ඇණහිට ඇති බවද ඔවුහු පවසයි.

මේ තත්වය හමුවේ මෙම ශිල්පින් නිසි ඇගයිමකට ලක් නොවිම නිසි රාජ්‍ය අනුග්‍රහයක් නොලැබිම යන කරුණු නිසා කලාකරුවන් දිනෙන් දින මෙම කලාකෂේත්‍රයන් ඉවත් විමේ අවදානමක්ව පවතින අතර මෙම තත්වය හමුවේ එය වඩාත් ඉක්මන් විමක් සිදු වන බවද ඔවුහු කියයි.

මාතලේ – මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *