• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආහාර බෝග හානිකිරීම්වල දී වැඩිම හානියක් සිදුවන්නේ කුඩා සතුන්ගෙන් බව පර්යේෂණ වාර්තා තහවුරු කරයි

12 August 2021
in දේශීය

වනසතුන් සිදුකරන ආහාර බෝග හානිකිරීම්වල දී වැඩිම හානියක් සිදුවන්නේ වන අලින්ගෙන් නොව අනෙකුත් කුඩා සතුන්ගෙන් යැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිපර්යේෂණ හා පුහුණු ආයතනයේ පර්යේෂණ වාර්තා තහවුරු කරයි.

ආහාර බෝග වගාවන්ට වනසතුන්ගෙන් සිදුවන හානි සහ පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය පිළිබඳව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිපර්යේෂණ හා පුහුණු ආයතනය විසින් සිදු කරන ලද පර්යේෂණ දෙකක වාර්තා ඊයේ (11) පරිසර අමාත්‍යාංශයේ දී අමාත්‍ය මහින්ද අමරවීර හා ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්වරුන්ට එම ආයතනයේ නිලධාරින් විසින් පිළිගන්වනු ලැබීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දේශගුණ විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපතිත්වයට මහින්ද අමරවීර අමාත්‍යවරයා පත් කළ අතර එහි ලේකම් වන්නේ වෛද්‍ය අනිල් ජාසිංහ මහතායි.

එම කාර්යසාධක බලකායට පැවරී ඇති වගකීම් අතර අලි- මිනිස් ගැටුමට තිරසාර විසඳුම් සෙවීම මෙන්ම ආහාර සුරක්ෂිතතාවයද අයත් වේ. එමනිසා එම කාර්ය සාධක බලකායේ ඉදිරි කටයුතුවල දී මෙවැනි පර්යේෂණ අතිශය වැදගත්වන බව මෙහිදී අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා “ මම කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවදියේ දී වනසතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි සම්බන්ධව විසඳුම් ලබා දීමට පුළුල් වැඩ පිළිවෙළක් දියත් කළා. මේ පර්යේෂණ වාර්තා එහි ප්‍රතිපලයක්. අපේ රටේ ගොවීන් විසින් මහත් උත්සාහයක් දරා වගා කරන ආහාර භෝගවලින් සියයට 40ක් පමණ වනසතුන්ගෙන් හානියට පත්වෙනවා. ඒ අතරින් සමස්ත වගා හානිවලින් අවම ප්‍රමාණයක් සිදුවන්නේ වන අලින්ගෙන්. වනඅලින්ගෙන් සිදුවන වගාහානිය සියයට 20ක්. සියයට 34ක පමණ හානියක් සිදුකරනු ලබන්නේ කුරුල්ලන් විසින්. ඒ වගේම පක්ෂීන් අතරින් වැඩිම හානිය සිදුකරන්නේ මොණරුන් විසින් බව තහවුරු වී තිබෙනවා. මොණරුන් වගා කටයුතු ආරම්භ කළ අවස්ථාවේ සිට අස්වනු නෙළා ගන්නා අවස්ථාව දක්වාම වගාවන් විනාශ කරනවා. මේ වනවිට මොණරගහණය අපේ රටේ සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. මොනර බිත්තර විනාශ කරන විලෝපිතයින්ගේ හිඟකම මොණරගහණය ඉහළයාමට හේතු වී තිබෙනවා. කතරගම දෙවියන්ගේ වාහනය මොණරා නිසා ඔවුන් මරා දැමීමට ද මිනිසුන් බියක් දක්වනවා. එමනිසා මොණරා මිනිසුන්ගේ ගෞරවයට පත්ව සිටින පක්ෂියෙක් වුනත් ඔවුන්ගෙන් දැවැන්ත වගා හානියක් සිදුවෙනවා. එමෙන්ම වැඩිම වගා හානියක් එනම් සියයට 46ක පමණ ආහාර බෝග හානි සිදු කරන්නේ වල් ඌරන්, ඉත්තෑවුන්, රිලවුන්, දඩු ලේනුන් හා වඳුරන් වැනි සතුන් මගින් බව මෙම පර්යේෂණ මගින් තහවුරු කර තිබෙනවා. වනසතුන්ගෙන් සිදුවන වගා හානි වැළැක්වීම සඳහා මෙතෙක් ගන්නා සියලු උත්සාහයන් අසාර්ථක වී ඇති බව මගේ අදහසයි. එමෙන්ම වනසත්ව හානි වැළැක්වීම සඳහා යම් යම් පුද්ගලයින් හා සංවිධාන විසින් විකල්ප යෝජනා ඉදිරිපත් කරනවා. එහෙත් ඒවා තිරසාර විසඳුම් නොවෙයි. සමහර රටවල් විසින් ඇතැම් සත්ව ගහණයන් වැඩි වන විට එම සතුන් මරා දමනවා. නමුත් අපිට එහෙම කරන්න බැහැ. අපි බෞද්ධ රටක් වශයෙන් සත්ව ඝාතන අපි හෙළා දකිනවා. මම මේ සම්බන්ධව සත්ව අවිහිංසාව සම්බන්ධව ක්‍රියාත්මක වන සංවිධාන සමගත් සාකච්ඡා කළා. ඒ අය වන්ධ්‍යාකරණය වැනි ක්‍රම යෝජනා කළා. එහෙත් වනාන්තරයේ ජීවත්වන සියදහස් ගණනක් වන සතුන්ට එවැනි ක්‍රමයක් කෙසේ සාර්ථකව කළ හැකිද යන්න සම්බන්ධව ප්‍රායෝගිකව ගැටළු මතුවෙනවා. කෙසේ නමුත් මේ සම්බන්ධව අපි කිසියම් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. වනඅලින්ගෙන් සිදුවන හානියට අපි ප්‍රමුඛතාව දක්වා කටයුතු කරන ස්වභාවයක් තිබෙනවා. නමුත් වනඅලින් සඳහා විදුලි වැට සැකසීමෙන් මෙම ගැටළුව අවසන් වන්නේ නැහැ. විශේෂයෙන්ම වනඅලි ගැටළුවට තරම් අවධානය අනෙකුත් සතුන්ගෙන් වන හානි සම්බන්ධව යොමු වී නැහැ. මෙම පර්යේෂණ වාර්තා මගින් පෙන්වා දී ඇති කරුණු ජනාධිපති කාර්ය සාධක බලකායේ දී පුළුල් ලෙස සාකච්ඡා කර ඒවා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නවා. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිපර්යේෂණ හා පුහුණු ආයතනය විසින් සිදුකරන ලද මෙම පර්යේෂණය සඳහා මම එම නිලධාරින්ට ස්තුතිවන්ත වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

 

Post Views: 5
Previous Post

පාරිසරික රතු අනතුරු සංඥාව කොළ එළියක් කලේ ජනපතිගේ සහයෝගයෙන් – ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ

Next Post

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තනතුරු සදහා සම්මුඛ පරික්ෂණ අත්හිටුවයි

editor

editor

Next Post

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තනතුරු සදහා සම්මුඛ පරික්ෂණ අත්හිටුවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved