• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාර්ලිමේන්තුවේ ගෞරවය රකින්න

8 June 2018
in දේශීය

පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුව පිළිබඳ මාධ්‍ය වාර්තා පරිශීලනය කිරීමෙන් පෙනී යන්නේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැළකිය යුතු පිරිසක් මහජන ගෞරවය ආරක්ෂා වන ආකාරයට පාර්ලි‍මේන්තුව තුළ කටයුතු නොකරන බව මාර්තු 12 ව්‍යාපාරය පවසයි.

එම සංවිධානය මාධ්‍ය වෙත ලිපියක් යොමු කරමින් කියා සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පිළිබඳව ද සැළකිල්ලක් නොදක්වන බවත්ය. එමෙන්ම 225 ක් වන මන්ත්‍රීවරුන්ගෙන් 20 ක වන ගණපූර්ණය නොමැතිවීම නිසා පාර්ලිමේන්තුව කල් දැමීමට ලක්වීමද කණගාටුවට කරුණක් බව ද එම සංවිධානය කියා සිටියේය.

පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය හා ගෞරවය රැකෙන පරිදි පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් මෙහෙයවමින් ජනතා අපේක්ෂා ඉටුවන පරිද්දෙන් ක්‍රියාකරන ලෙස ද එම සංවිධානය ඉල්ලා සිටි.

මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය විසින් නියෝජ්‍ය කථානායකවරයා වෙත යොමු කළ ලිපිය සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

ගරු ආනන්ද කුමාරසිරි මැතිතුමා,
ගරු නියෝජ්‍ය කථානායක,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,
ශ්‍රී ජයවර්ධන පුර,
කෝට්ටේ.

ගරු මැතිතුමනි,

මහජන නියෝජිතයන්ගේ ගෞරවයත් ජනතාවගේ සැබෑ නියෝජනයත් රැක ගනිමු.

මාර්තු 12 ව්‍යාපාරයේ පිරිසිදු දේශපාලනයක් සඳහා වන පාර්ලිමේන්තු සාමූහිකයේ සාමාජිකයෙකු ලෙස ඔබ තුමා නියෝජ්‍ය කථානායක ධූරයට පත්වීම පිළිබඳව අපගේ සතුටත්, ප්‍රසාදයත් ප්‍රථමයෙන් පුදකරමු.

මාර්තු 12 ව්‍යාපාරය ලෙස අප මේ රටේ ජනතාවගේ උත්තරීතරම ආයතනය වන ව්‍යවස්ථාදාකයකයෙන් මූලිකවම බලාපොරොත්තු වන්නේ ජනතා අභිලාශයන් සැබෑ ලෙසම ඉටු කිරීමට කැප වුන මහජන නියෝජිතයන් පිරිසක් වන අතර, රටේ ජනතාවට ඉදිරියෙන් සිටිමින් අනාගත ලෝකයට ගැළපෙන පරිදි නීති, ප්‍රතිපත්ති සම්පාදනය කරමින්, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කරමින් අද දවසේත්, අනාගත දරුවන්ගේ පැවැත්මත්, සුරක්ෂිත කිරීමයි.

එහෙත් අද දවසේ පාර්ලිමේන්තුව තුළ ඒ සඳහා අවශ්‍ය බුද්ධිමය සංවාදයක් ක්‍රියාත්මක වේද යන්න සැක සහිතය. විශේෂයෙන්ම නීති ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියට බොහෝ මහජන නියෝජිතයන්, දැනුවත්ව හා විධිමත් හැදෑරීමකින් යුතුව සහභාගී නොවන බව සුලභව නැගෙන තර්කයකි.

එමෙන්ම පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුව පිළිබඳ මාධ්‍ය වාර්තා පරිශීලනය කිරීමෙන් පෙනී යන්නේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැළකිය යුතු පිරිසක් මහජන ගෞරවය ආරක්ෂා වන ආකාරයට පාර්ලි‍මේන්තුව තුළ කටයුතු නොකරන බවත්, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පිළිබඳව ද සැළකිල්ලක් නොදක්වන බවත් ය. එමෙන්ම 225 ක් වන මන්ත්‍රීවරුන්ගෙන් 20 ක වන ගණපූර්ණය නොමැතිවීම නිසා පාර්ලිමේන්තුව කල් දැමීමට ලක්වීමද කණගාටුවට කරුණකි.

මෙම කරුණු පිළිබදව වර්තමාන ගරු කථානායක තුමන් දක්වන උනන්දුව අප ගෞරවයෙන් යුක්තව සිහිපත් කරන අතර, ගරු නියෝජ්‍ය කථානායකවරයා ලෙසත් මාර්තු 12 පාර්ලිමේන්තු සාමූහිකයේ සාමාජිකයෙකු ලෙසත් අප ඔබ තුමන්ගෙන් ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය හා ගෞරවය රැකෙන පරිදි පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් මෙහෙයවමින් ජනතා අපේක්ෂා ඉටුවන පරිද්දෙන් ක්‍රියාකරන ලෙස ය.

ස්තුතියි
මෙයට විශ්වාසී,
රෝහණ හෙට්ටිආරච්චි,
මාර්තු 12 ව්‍යාපාරයේ කැදවුම්කාර මණ්ඩලය වෙනුවෙන්.

මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කාර මණ්ඩලය :

රෝහණ හෙට්ටිආරචි – පැෆ්රල් සංවිධානය, චාමින්ද රාජකරුණා, නිශාන්ත ප‍්‍රිතිරාජ් – සර්වෝදය ශ‍්‍රමදාන සංගමය, ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය, සමාධානි කිරිවන්දෙණීය, නවින්ද්‍ර ලියනාරච්චි – සණස ව්‍යාපාරය, මංජුල ගජනායක – මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නිරීක්ෂණ මධ්‍යස්ථානය, අශෝක ඔබේසේකර, ශෂී ද මෙල් – ට‍්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ශී‍්‍ර ලංකා, ආතාවුද ජයවර්ධන – විද්වත් වෘත්තිකයන්ගේ සංගමය, හේමන්ති ගුණසේකර, ශ‍්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය, දයා හේරත් – ලක්බිමේ මවුවරු සහ දියණියෝ, සමන් හමන්ගොඩ – පැල්ට‍්‍රා සංවිධානය, විමල් ප‍්‍රනාන්දු – මානව හිමිකම් සුරකීමේ සංවිධානය, ජගත් ලියනාරච්චි, තිස්ස විජේතුංග

 

Post Views: 13
Previous Post

සියත Mr. World වැඩසටහනට TVS සමාගමෙන් යතුරුපැදියක් දෙයි

Next Post

තෑපෑල 11 වැඩ කරන්න බැහැලු

editor

editor

Next Post

තෑපෑල 11 වැඩ කරන්න බැහැලු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved