27 April 2024
#දේශීය #පුවත්

විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් කොටකදෙණිය නව සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙස වැඩභාරගනී

නව සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත්වූ විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් එච්. එම්. එස්. කේ. බී. කොටකදෙණිය මහතා අද (14) දින ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ දී සිය ධූරයේ රාජකාරී ආරම්භ කලේ ය.

එම අවස්ථාවට අමාත්‍යාංශ ලේක්ම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර, ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති ජී. එස්. විතානගේ, උප සභාපති ඩී. ඩබ්. එස්. නාරංගොඩ, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කපිතාන් මිලින්ද රත්නායක යන මහත්වරුන් මෙන්ම ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ රෙහාන් වන්නිඅප්පා ඇතුළු ‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *