27 April 2024
#දේශීය

බර්ටි දිසානායක පදනම මඟින් සංවිධානය කල බත් දන්සැල මෙවරත් අනුරාධපුරයේදී

බර්ටි දිසානායක පදනම දස වැනි වරටත් සංවිධානය කළ දුන්තෙල් බත් දන්සැල පොසොන් පෝ දින (14) අනුරාධපුර ගුවන්තොටුපළ පාරේ පිහිටි සැනසුම නිවසේදී පැවැත්විණ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක, පාර්ලිමේන්තු, පළාත් සභා මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින් හා බර්ටිදිසානායක පවුලේ ඥාතීන් , හිතවතුන් හා ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම දන්සැල විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ.

පසුගිය මැයි මස 09 වැනි දින ගින්නෙන් විනාශ වූ නිවාස පරිශ්‍රයේ මෙම දන්සල පැවැත්වුණ අතර, ගින්නෙන් නිවස හා දන්සැල පවත්වන ගොඩනැගිල්ලට දැඩි අලාභ හානි සිදුව තිබූවද එම අඩුපාඩු සියල්ල පසෙකට දමා මෙම දන්සැල සුපුරුදු පරිදි ඒ ආකාරයෙන්ම සංවිධානය කර තිබිණි.

දන්සැල සමාරම්භ කරමින් ආගමික වතාවත් සිදු කළ අනුරාධපුර සම්බුද්ධත්ව ජයන්ති විහාරාධිපති, උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නා හිමිපාණන් ආනුශාසනාව සිදු කරමින් කියා සිටියේ, “මිනිසුන් ලක්ෂ ගණනකට කන්න දුන්න, හාමුදුරුවරු දස දහස් ගණනකට දන් දුන්න, මේ බිම අනුරාධපුරයේ සෑම කෙනෙක්ම කෑම වේලක් කාපු බිමක්, එක කෑම වේලක් හරි කාලා තියෙනවා මේ සැනසුම නිවසින්.අපේ දුමින්ද දිසානායක ඇමතිතුමා, නිවුණු ගිණි දැල් අතරින් අද මේ ශාලාවේ කරන පිංකම දිවංගත තමන්ගේ පියාණන්ගේ මඟ පෙන්වීම මත මීට දස වර්ෂයකට පෙර ආරම්භ කළා, මේ දස අවුරුද්දේ මේ දන්සැලෙන් ආහාර භුක්ති විඳපු මිනිස්සු ලක්ෂ ගණනක් වෙන්න ඇති, දශක 7 කට වැඩි කාළයක් මේ බිම තිසේරා මැතිතුමාගේ ඉඳලා, ඉතාමත් ජය බිමක් වගේම සශ්‍රීක බිමක්, ඒ බිමේ ඉඳගෙන ඇවිලුණු ගිණි දැල් නිවිලා යන මේ වෙලාවේ අපේ ප්‍රාර්ථනාව තමයි ගිණි ගත් හදවත් මේ මහා ධාන පාරමිතාවේ බලයෙන් සිසිල්වේවා කියන උදාරතර ප්‍රාර්ථනාව. බෞද්ධ අපි කාටවත් වෛර කරන්නේ නෑ, අපි කිසි කෙනකුට වෛර කරන්නේ නෑ, බර්ටි දිසාානයක මැතිතුමා තමන්ගේ කෑම එක වෙන කෙනෙක්ට දීලා රෝස් පාන් කෑල්ලක් කාලා ජීවිතය ගැට ගහගෙන මිනිස්සුන්ට සේවය කළ මහා උත්තුංග ජන නායකයෙක්, එතුමා අපි කවුරුත් නොසිතු නොපැතූ මොහොතක මීට දස වසරකට පෙර දිවංගත වුණා, එතුමා අන්තිමට වීඩියෝ තාක්ෂණය ඔස්සේ රෝහලේ සිට පළමු පිංකම දැකලා ඇඩුවා, බොහෝම සතුටට පත් වුණා. මේ මහා යෝධ කර්තව්‍යය ඇමතිතුමා වෙන කෙනෙක් නම් කරන්නේ නෑ, ඔබතුමා මහා බෝසත් දරුවෙක්, බෝසත් දරුවෙකුට තමා එහෙම සිතුවිල්ලක් පහළ වෙන්නේ, ඔබතුමාගේ හිතේ ක්‍රෝදයක්, වෛරයක් නෑ, දශක හතක් තිබ්බ මේ ගේ, අළු දූවිලි වෙලා යන කොට හිතට දැනෙන වේදනාව මට වචන වලින් කියන්න බෑ, මගේ හදවතට ආව හදගැස්ම හෘදයාබාධයක් වෙයිද කියලාත් හිතුනා.අද මේ නැවතත් පුනරාගමනයක් වෙන වෙලාවේ මේ ඉන්න දස දහස් ගණනන් මිනිස්සුන්ට ආහාර වේලක් දීලා අපි පතන්නේ දාන පාරමිතාවක්, මේ භුමියට පය නොගහපු රාජ්‍යය නායකයෙක්, නායක හාමුදුරුවො කෙනෙක් නෑ, ලක්ෂ ගණන් මිනිසුන්ට කන්න දුන්න මේ ජය බිම නැවත පුනරාගමනයට යන්න නැවත ශක්තිය ධෛර්ය ලැබේවා යැයි පැවසූහ.

 

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *